නොකී කතාව



ආකියොප්ටෙරික්ස් යනු පෘෂ්ඨවංශී සත්ව පරිණාමයේ ඉතාමත් වැදගත් සන්ධිස්ථානයක් සලකුණු කරන සත්වයෙකි. මීට වසර මිලියන 150කට පමණ පෙර ජුරාසික් යුගයේ ජීවත් වූ මොවුන්, උරගයන් සහ පක්ෂීන් යන කාණ්ඩ දෙකෙහිම ලක්ෂණ පෙන්වන අතරමැදි ජීවියකු ලෙස සැලකෙයි.

පක්ෂි පරිණාමයේ දී විශේෂයෙන් වැදගත් ආරම්භක සන්ධිස්ථානයක් ලෙස සැලකෙන ‘ආකියොප්ටෙරික්ස්’ (Archaeopteryx) පක්ෂි-ඩයිනෝසරයාගේ පොසිලකරණයට ලක්වුණු හිස් කබලක් සියුම් ලෙස පරීක්ෂා කිරීමේ දී මීට පෙර හඳුනා නොගත් සුවිශේෂී ලක්ෂණ කිහිපයක් සොයා ගැනීමට පර්යේෂකයෝ සමත්ව වී සිටී. මේ සම්බන්ධයෙන් අධ්‍යයන වාර්තාවක්, ‘ද ඉනොවේෂන්’ සඟරාවේ අලුත්ම කලාපයේ පළ වෙයි.

එම අධ්‍යයනයට අනුව, හමුවුණු මෙම සුවිශේෂී ලක්ෂණ වර්තමාන පක්ෂීන් සතු වුවත්, පියාසර නොකරන සාමාන්‍ය ඩයිනෝසරයන් තුළ දක්නට ලැබෙන්නේ නැති බව පැවැසෙයි. මෙම නව ලක්ෂණ නිසා ආකියොප්ටෙරික්ස් හට වඩාත් කාර්යක්ෂමව ආහාර අල්ලා ගැනීමට, හැසිරවීමට සහ ඒවා සැකසීමට හැකියාව ලැබෙන්නට ඇතැයි පර්යේෂණයට සම්බන්ධ වුණු ඇමෙරිකාවේ චිකාගෝ කෞතුකාගාරයේ විද්‍යාඥයන්ගේ අදහසය.
 
Live Science ඇසුරිනි

 


RECOMMEND POSTS