කෘත්‍රිම රුධිරය

ජපන් විද්‍යාඥයන් කණ්ඩායමක් සෑම රුධිර ගණයකම රෝගීන්ටම ආරක්ෂාකාරීව භාවිත කළ හැකි විදියේ, නව ආකාරයක කෘත්‍රිම රුධිරය වර්ගයක් නිපදවා ඇත.
එම ජපන් විද්‍යාඥයන් පෙන්වා දෙන ආකාරයට, මෙම නව නිපැයුම, හදිසි ප්‍රතිකාරවලදී, යුද බිමක වැනි වෛද්‍ය සේවා සැපයුම් නැති දුෂ්කර ප්‍රදේශවලදී සිදු කෙරෙන වෛද්‍ය ප්‍රතිකාරවලදී විශාල වාසියක් උදා කරනු ඇත.
රසායනාගාර තුළ නිපදවූ රතු රුධිර සෛල හා රුධිර පට්ටිකා යොදා ගනිමින්, ජපන් විද්‍යාඥයන් මෙලෙස කෘත්‍රිම රුධිරය නිර්මාණය කර ඇත. අති සියුම් කෘත්‍රිමව බුබුලු තුළ දවටා ඇති ඒවා, සැබෑ රුධිරයේ කාර්යභාරය, එනම් සිරුර පුරා ඔක්සිජන් ගෙන යාම සහ තුවාල අවට රුධිරය කැටි ගැසීම් ආදිය සාර්ථකව ඉටු කරන්නට සමත් වන බව පැවැසෙයි.
මෙහි දී ලැබෙන තවත් විශාල වාසියක් නම් මේවා වසරකට වැඩි කාලයක් සාමාන්‍ය කාමර උෂ්ණත්වයේ තබා ගත හැකි වීමය. සම්ප්‍රදායික රුධිරය සාමාන්‍යයෙන් ශීතකරණයක තැබිය යුතු අතර එය ද තබා ගත හැක්කේ කෙටි කාලයකට පමණි.
ඒ අනුව රෝහල්, ගිලන් රථ සහ ක්ෂේත්‍ර සායන ආදියෙහි මෙම කෘත්‍රිමව රුධිරය තොග වශයෙන් ගබඩා කර තබා ගත හැකි වන ඇත. එසේම රුධිර වර්ග ගැළපීම හෝ ශීතකරණ පහසුකම් නොමැති වීම ගැන වදවීමක් අවශ්යක නොවනු ඇත. මෙය වාහන අනතුරු, ස්වාභාවික විපත්, හෝ යුද බිම්වල දී ගැළපෙන රුධිරය ඉක්මනින් ලබා ගත නොහැකි අවස්ථා වලදී ජීවිත සුරැකීමට මහත් උපකාරයක් වනු ඇත.
පර්යේෂකයන් කියන්නේ මෙම නවෝත්පාදනය නිසා රුධිර පාරාවිලනයෙහි විශාල පෙරළියක් සිදුවිය හැකි බවය. ගැළපෙන රුධිර වර්ගය පරීක්ෂා කිරීමක් නොකරඅනාගතයේ දී වෛද්‍යවරුන්ට ක්ෂණිකවම මෙම සර්ව භාවිත කෘත්‍රි ම රුධිරය ලබා දීම කළ හැකිය. එමෙන්ම දුර ප්‍රදේශවල රුධිරය ගබඩා කිරීම සහ ප්‍රවාහනය කිරීමේ අභියෝගවලටද මෙය විසඳුමක් වනු ඇත.
මෙම නව කෘත්‍රිම රුධිරය පුළුල් භාවිතය සඳහා අනුමත වුවහොත් ලොව පුරා මිලියන ගණන් රෝගීන්ට එයින් ඉමහත් සෙතක් සැලසෙනු ඇතැයි මේ විශේෂඥයන්ගේ විශ්වාසයයි. කරති. මේ මගින් රුධිරය ලබා දීමේ ක්‍රියාපටිපාටිය සරල කරනවා පමණක් නොව, නොගැළපෙන රුධිර පාරාවිලනය නිසා ඇති වන ව්‍යාකූල තත්වයන් පාලනය කෙරෙනු ඇත.
මේ පිළිබඳව දැනටමත් රෝගීන් සහභාගී වන ශායනික පරික්ෂණ අරඹා ඇති අතර, පර්යේෂකයෝ එයින් ඵලදායී ප්‍රතිඵලයක් අපේක්ෂා කරති. එය සාර්ථක වුවහොත්, රෝහල්වල සිට හමුදා කඳවුරු දක්වා සෑම තැනකම භාවිත කෙරෙන හදිසි ආපදා කට්ටලවල මෙය අත්‍යාවශ්‍ය අංගයක් බවට පත් වනු ඇත.

