කුවේටයේදී මත්පැන් පෙරූ ශ්රී ලාංකික කත අත් අඩංගුවට

නීති විරෝධී ලෙස කුවේටයේ මත්පැන් නිෂ්පාදනය කළ ශ්රී ලාංකික කාන්තාවක් එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි ඇරැබ් ටයිම්ස් පුවත්පත ඊයේ (20) වාර්තා කළේය.
මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූවේ කුවේටයේ ගෘහසේවිකාවක් වශයෙන් සේවය කළ ලාංකික කාන්තාවකි.
ෆයිහා ප්රදේශයේ ස්ථානයක සිට සැකකාර ලාංකික කාන්තාව මෙම මත්පැන් නිෂ්පාදනාගාරය පවත්වාගෙන ගොස් ඇති අතර ඇය විසින් නිෂ්පාදිත කලා යැයි කියන මත්පැන් බෝතල් 400 ක්,බැරල් 10ක්,මත්පැන් පෙරීම සඳහා භාවිතා කරන දඟර 13ක් ඇතුළු තවත් උපකරණ තොගයක්ද කුවේට් පොලීසියි විසින් එම ස්ථානයේ තිබියදී සොයාගෙන තිබේ.
මෙම ස්ථානයේ නීති විරෝධී මත්පැන් පවත්නා බවට ලැබුණු තොරතුරු අනුව මෙම වැටලීම සිදුකර ඇතැයි ඇරැබ් ටයිම්ස් වාර්තාවේ වැඩි දුරටත් දැක්වේ.
අත්අඩංගුවට ගනු ලැබූ සැකකාර කාන්තාව සම්බන්ධයෙන් එරට ෂාරියා නීතිය යටතේ නඩු පැවරීමට කටයුතු කරන බව කුවේට් පොලීසිය සදහන් කර සිටී.
( තිළිණි ද සිල්වා )

