‘සිලිකන් වැලි’ තාක්ෂණික කේන්ද්‍රස්ථාන ඉරානයේ



දශක ගණනාවක් තිස්සේ සම්බාධක හේතුවෙන් ලොවෙන් යම්තාක් දුරකට හුදෙකලා වූ ඉරානය අද වනවිට තාක්ෂණයෙන් දියුණුවක් ලබා ඇති අතර, ඇමෙරිකාවේ ‘සිලිකන් වැලි’ නිම්නය මෙන්, පරිගණක තාක්ෂණ සගාගම් පිරි තාක්ෂණික කේන්ද්‍රස්ථානයක් එසේත් නැතිනම් ‘තාක්ෂණ උද්‍යාන’ ඉරානයේ ද දකින්න ලැබෙන බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි.
මෙම තාක්ෂණ උද්‍යාන අතරින් කැපී පෙනෙන්නේ තලේගානී සහ අබ් ඕ අටාෂ් යන ස්ථානවල පිහිටි උද්‍යානයන්ය. පරිසරය සුරකින අයුරින් පරිසර හිතකාමී අයුරින් නව තාක්ෂණය සහ නිර්මාණ සැලැසුම් යොදා ගනිමින් මෙම තාක්ෂණ උද්‍යානවල ගොඩනැගිලි ඉදිකර ඇත.


ඉරානයට සම්බාධක පනවා ඇත්තේ එරට න්‍යෂ්ටික වැඩසටහන මුල්කොට ගනිමිනි. ඇතැම් සම්බාධක ලිහිල් වී තිබුණත් ඒවා ඉවත් කර නොමැති නිසා, ඉරාන වැසියෝ දැඩි දුෂ්කරතාවකට මුහුණ පා සිටිති.
අද වනවිට ඉරානයේ මිලියන 80 ක් ජංගම දුරකතන භාවිතා කරති. එයින් අඩක් පාවිච්චි කරන්නේ ‘ස්මාර්ට් ෆෝන්’ ජංගම දුරකතනය. අවුරුදු 20 ත් 32 ත් අතර තරණ තරුණියෝ මිලියන 78 ක් ඉරානයේ වෙසෙති. මොවුන් සැවොම අන්තර් ජාල පහසුකම් ලබා ගනිති.
පරිගණක මෘදුකාංග ක්ෂේත්‍රය අතින් සහ ජංගම දුරකතන ‘ඇප්’ නිර්මාණය අතින් ද ඉරාන තාක්ෂණවේදීන් ඉදිරියෙන් සිටින බවත් අනාගතයේ දිනෙක ඔවුන්ට ඇමෙරිකාවට පවා අභියෝගයක් වීමට හැකිවනු ඇති බවත් අල් ජසීරා පුවත් සේවය පෙන්වා දෙයි.

(අල් ජසීරා ඇසුරිනි)


RECOMMEND POSTS