ගැලපෙන මොළය

දෙදෙනකු ඉතා ආදරයෙන්, සමීප බැඳීමකින් එකිනෙකා සමග කාලය ගත කරන්නේ නම්, ඔවුන්ගේ මොළයේ ක්‍රියාකාරීත්වය පවා එකම අපූරු රටාවකට හැඩගැසෙන බව බටහිර විද්‍යාඥයන් නවතම පර්යේෂණයකින් අනාවරණය කර ඇත.
විද්‍යාඥයන් මේ බව පවසන්නේ, දශකයකට වැඩි කාලයක් තිස්සේ සිදු කළ අපූරු අධ්‍යයනයකට අනුවය. තෝරාගත් ආදරවන්තයන් පිරිසකට විශේෂිත හිස්වැසුම් (headset) උපකරණ ලබා දී, ඔවුන්ට නිදහසේ ඔවුන්ගේ වැඩ කටයුතුවල නියැළීමට ඉඩ දී, විද්‍යාඥයන් ඔවුන්ගේ මොළයේ ක්‍රියාකාරීත්වය සිදුවන ආකාරය සොයා බැලූ බව පැවැසෙයි.
හොඳින් පෑහෙන ආදරවන්තයන් එකිනෙකා දෙස ආදරයෙන් බලමින් සමගියෙන් ඔවුන්ගේ එදිනෙදා කටයුතුවල නියැළෙද්දී, මොළයේ තරංග පුදුමාකාර ලෙස එකිනෙකට ගැළපෙන ආකාරය නිරීක්ෂණය කිරිමට තමන්ට හැකි වුණු බව විද්‍යාඥයෝ පවසති.

