සාජා වෙරළෙන් අමුතු ‘පලතුරක්’ හමුවෙලා

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මුහුද වෙරළක තිබී, අමුතු විදියේ පලතුරක් සොයා ගැනීමට සාජා පොලිසිය පසුගිය සති අන්තයේ සමත් විය.
කොමඩු ගෙඩියක් වැනි මෙම කහ පාටැති පලතුර මොකක්දැයි මෙතෙක් අනාවරණය වී නැති අතර, මෙහි නිය පහරවලින් කළ අක්ෂර සහ රූප සටහන් තිබෙන බව පොලිසිය වැඩි දුරටත් කියා සිටී.
පොලිසිය මෙම ‘අමුතු පලතුර’ අත්අඩංගුවට ගෙන ඇත්තේ, එය බෝම්බයක් හෝ විස රසායන පිරි කිසියම් පුපුරන වස්තුවක් යැයි සැක කළ නිසා යැයි ද වාර්තා වේ. මෙය වෙරළට ගසාගෙන එන්න ඇතැයි සැක කෙරේ.
(එන්.ඩී.ටීවී ඇසුරිනි)

