සම අයිතිය ඉල්ලා කාන්තාවන්ගෙන් සෞදි රජයට පෙත්සමක්



පුරවැසියෙකු ලෙසින් උපතේ සිට මරණය දක්වා තමන්ට ලැබිය යුතු සම අයිතිවාසිකම් හැකි ඉක්මනින් ලබා දෙන්නැයි ඉල්ලා සෞදියේ දහස් සංඛ්‍යාත වූ කාන්තාවන් පිරිසක් සෞදි රජයට පෙත්සමක් බාරදී  ඇත.

ඒ අනුව සියලුම සෞදි කාන්තාවන් සදහා උපතේ සිට, අධ්‍යාපනය , රැකියාව ,විවාහය යන කාරණා වලදී සහ සංචාරය කිරීමේදී  පවුලේ සියලු පිරිමි පාර්ශවයන්ගේ අවසරය ලබා ගත යුතු බවට පනවා තිබූ බාධා ඉවත් කොට දෙන්නැයි රජයට ඉදිරිපත් කළ එම පෙත්සමේ ඉල්ලීම් අතර වන බව එහි කැදවුම්කරු විශ්‍රාමික මහාචාර්ය  අසීසා අල් යූසුෆ් මහත්මිය ප්‍රකාශ කළ බව සඳහන් වේ.

සෞදියේ සෑම කාන්තාවක්ම එරටෙහි පුරවැසියෙකු වන බැවින් ළමා අවදිය අවසන් කොට  ඇය වැඩිහිටි වියට පත්වූ සැණින්ම තමන් පිළිබද වගකීමෙන් හා විශ්වාසයෙන් යුතුව වැඩ කිරීමේ හැකියාව ලබා දිය යුතු බවත් ඇයි පෙන්වා දෙන්නීය.

නම් දහ හතර දහස් හත්සිය දෙනෙකුගේ නම් සහිතව මෙම පෙත්සම ඉකුත් සදුදා රියාද් හි ඉහළ උසාවියට බාර දීමට නියමිත වූවත් , එම උත්සාහය අසාර්ථක වූ බවත් එබැවින්  තැපෑල ඔස්සේ එම අත්සන් සහිත පෙත්සම සෞදි රජයට බාර දීම කටයුතු කතරන බව අල් යූසුෆ් මහත්මිය කියා සිටින්නීය.

කාන්තාවන් සදහා ඉතා තදබල ලෙසින් නීතිරීති පනවා තිබෙන ලෝක රට වල් අතරින් සෞදිය සුවිශේෂී වේ. එසේම කාන්තාවන්ට රිය පැදවීමද එරට රජය විසින් තහන්ම කර ඇත. සෞදි කාන්තාවක් සිය පවුලේ පියා හෝ ස්වාමිපුරුෂයා හෝ සහෝදරයා යටතේ රැකවරණය ලබන අතර ඔවුන්ගේ අවසරය නොමැතිව සෞදි කාන්තාවන්ට අධ්‍යාපන කටයුතු වල නිරත වීම , සංචාරයක කිරීම හෝ අනෙක් ක්‍රියාවන්හි නිරත වීම සපුරා තහන්ම වේ.

මේ තදබල නීති රීති පැනවීම නිසා අපේ කාන්තාවන් බහුතරයක් පීඩාවට පත් වෙලා ඉන්නේ .මේ පැනවෙන්නේ වසර 30 කට පෙර සිටියි. මේ සියල්ල ඉතාම ඉක්මනින් වෙනස් විය යුතු බවට අපි හැමෝම විශ්වාස කරනවා යැයිද යූසුෆ් මහත්මිය කියා සිටියාය.

මේවනවිට සෞදියේ සිටින ගැහැණුන් හා කාන්තාවන් සංඛයාව මිලියන 10කි. ඔවුන්ට මෙලෙස තද බල නීති රීති පැනවීම නිසා සියයට 33.8 ක කාන්තාවන් රැකියා වියුක්තව සිටිති.


RECOMMEND POSTS