පේරු සිරුරු හැබෑවක්
පේරු රටින් හමුවී ඇතැයි පැවැසෙන, පිටසක්වළ ජීවීන්ගේ යැයි පැවැසෙන, මනුෂ්‍ය නොවන පෙනුමක් ඇති මමීකරණයට ලක් වුණු සිරුරු සියයක් සැබෑ ඒවා යැයි සිදු කළ විමර්ශණවලින් තහවුරු වී ඇත.
මෙම පිටසක්වළ සිරුරු සම්බන්ධයෙන් ලොවට අනාවරණය කළේ පියාඹන පීරිසි සහ පිටසක්වළ ජීවීන් ගැන විශ්වාස කරන, ඒ දේවල් ලොවට හෙළි කිරීමට උත්සාහ ගන්නා මෙක්සිකන් මාධ්‍යවේදී ජේමි මුසාන්ය. මෙක්සිකෝ පාර්ලිමේන්තුවට, පිටසක්වළයන්ගේ යැයි පැවැසෙන කුඩා සිරුරු දෙකක් ගෙනැවිත් ප්‍රදර්ශනය කළේ ද මුසාන්ය.
පේරු රටේ නස්කා කාන්තාරයෙන් හමුවූ පිටසක්වළ ජීවීන්ගේ යැයි සැක කෙරෙන මමීකරණය වූ සිරුරු කීපයකි. එයින් කාන්තා සිරුරු දෙකක් ඇමෙරිකන් විද්‍යාඥයන් විසින් පුළුල් ලෙස පර්යේෂණවලට ලක් කරනු ලැබ ඇත. මෙම සිරුරු ‘මරීයා’ සහ ‘මොන්සරෙත්’ යනුවෙන් හැඳින්වෙයි.
මෙම සිරුරු දෙකම, වසර 1,200 ක් පැරණි වන අතර, මමීකරණයට ලක් වෙද්දී, ‘මරීයා’ අවුරුදු 35 ක් හෝ 45 ක් පවන්න ඇති බවත්, ‘මොන්සරෙත්’අවුරුදු 16 ක් හෝ 25 ක් හෝ වන්නට ඇති බවත් ඒවා සීටී ස්කෑන් පරීක්ෂණයට ලක් කළ ඇමෙරිකන් විද්‍යාඥයෝ පෙන්වා දෙති.
එම සීටී ස්කෑන් පරීක්ෂාවේදී අනාවරණය වූ තවත් දෙයක් නම්, මෙම කාන්තා සිරුරුවල ඉළ ඇට අතරේ ගැඹුරු කැපුම් තුවාලයක් ඇති බවය. මෙම කාන්තාවන් දෙදෙනා ඝාතනය කර දමන්න ඇති බවත්, ඝාතනයට ලක් වූයේ පුපුවට එල්ල වුණු එම ප්‍රහාරයෙන් බවත් වෛද්‍ය පර්යේෂකයෝ පෙන්වා දෙති.aily Mailඇසුරිනි