සිල්වර් ෆෙසන්ට්



සිල්වර්ෆෙසන්ට් යනු, ආජන්ටිනාවේ නියුක්වන් හි වික්ටෝරියා දූපතේ නහ යෙල් හුවාපි විලෙහි ජීවත්වන කොට්ඨාශයක් වන අතර අග්නි දිග ආසියාවේ සහ නැගෙනහිර සහ දකුණු චීනයේ ප්‍රධාන වශයෙන් කඳුකරයේ වනාන්තරවල දක්නට ද ලැබේ.

පිරිමි සතා කළු සහ සුදු වන අතර ගැහැණු සස්තා ප්‍රධාන වශයෙන් දුඹුරු වේ. ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම රතු මුණක් සහ රතු පාද ඇත.

ෆෙසන්ට් වර්ග අතර විශාලතම වර්ගයක් වන අතර දිග සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 120 ක් 125ක් පමණ වේ. ගැහණු සතුන් පිරිමි සතුන්ට වඩා දිගින් හා උසින් අඩුය. ආයු කාලය වසර 15-25 පමණ වේ.

ලංකාවට ආවේණික පක්ෂියෙක් නොවූවත් දෙහිවල සත්ත්ව උද්‍යානයේදී, හන්තාන ජාත්‍යන්තර පක්ෂී උද්‍යානයේ දී හා පක්ෂීන් රඳවාගෙන ඉන්නා සමහර තැන්වල මෙම පක්ෂියා දක්නට ලැබීම වාසනාවකී. නමුත්, දුකට කරුණ වන්නේ එම පක්ෂීන් රඳවා ගෙන සිටීම ය.

මනීෂි මංජරී

 


RECOMMEND POSTS