දරුවන්ට බෝම්බ වැටෙද්දී ඇලෙප්පෝවේ පාපන්දු තරග



සිරියානු රජය විසින් ඇලෙප්පෝ නගරයේ අල්-හම්දානියා ක්‍රීඩාංගනයේදි පාපන්දු තරගයක් පවත්වන බවට පසුගිය බදාදා නිවේදනය කර සිටියේය.

මෙම ක්‍රිඩාංගනය අයි.එස් ත්‍රස්තයින්නේ ඉදිරි වළල්ට ඉතා ආසන්යෙන් පිහිටා තිබෙන අතර එහි ඉතා දරුණ සටන් ඇවිලෙමින් ඇත.

මෙම පණිවිඩය සටන්කාමීන්ගේ ජංගම දුරකථන වලට යවා ඇත.

එයින් ඔවුන්ට ආරාධනා කර ඇත්තේ සිරියුන් හමුදාව සමග පාපන්දු තරගයට සහභාගි වන ලෙසයි.   

මෙම පණිවිඩය අරාබි භාෂාවෙන් සටහන් කර තිබුනේ “ඕ නැගෙනහිර ඇලොප්පෝවේ සන්නද්ධ හමුදාවනි! මෙම සුහද පාපන්දු තරගයට සහභාගිවීමට හා නැරබීමට පැමිණෙන්න. ජාතික සංහිදියාව සදහා සත්භාවයෙන් ආරධානා කරන්නෙමු“.

ඉරාන සහාය ලබන හමුදා කණ්ඩායම්වල සහ රුසියානු ජෙට්ගුවන් යානාවල සහාය ලබමින් සිරියානු ජනාධිපති බසීර් අල් අෂාද් ගේ හමුදා විසින් ප්‍රහාර ආරම්භ කරන ලද දිනයේ සිට නැගෙනහිර ඇලෙප්පෝවේ දෙලක්ෂ පනස් දහසක පමණ පිරිසක් දරුණු යුද්ධයට මැදිවසිටිති.

අලෙප්පෝවේ ක්‍රියාකාරීව තිබූ අවසාන රෝහලද පසුගිය සතියේදී රුසියානු ජෙට් ගුවන් ප්‍රහාරවලින් විනාශ විය.

නැගෙනහිර ඇලෙප්පෝවේ වෛද්යවරයෙකු අල් අරාබියා වෙත කියා සිටියේ “ඔවුන් අපට බෝම්බ දානවා,  අපිව මරණවා, දැන් පාපන්දු තරගයකට ආරාධනා කරනවා. මොකක්ද මේ? මම හිතන්නේ විකාරෙන් කරන විහිළුවක් කියලයි“.

 

(අල් අරාබියා නිවුස් ඇසුරෙනි)

ජානක ප්‍රියදර්ශන ජයතිලක


RECOMMEND POSTS