අර්තාපල් ආවේ තක්කාලිවලින්



තක්කාලි ශාකයකින් අර්තාපල් පරිණාමය වූ බව විද්‍යාඥයෝ කියති. තක්කාලි සෝස්, චිප්ස් (බැදපු අල පෙති) සමඟ හොඳින් පෑහෙන්නේ ඒ නිසා යැයි ද පැවැසෙයි.

තක්කාලි සහ අර්තාපල් යම් ආකාරයකින් සම්බන්ධ බව විද්‍යාත්මකව සොයාගෙන ඇති අතර, තක්කාලි සහ අර්තාපල්වල ඇති සමාන ජාන අනුව, තක්කාලි සහ අර්තාපල් ඥාතීන් බව චීන විද්‍යාඥයෝ පැහැදිලි කරති.

එසේ වුවත්, පස යට වැඩෙන බොහෝ මූල ශාකවල ආහාරයට ගත හැකි කොටස් වන අල, ඇතිවූයේ කෙසේදැයි විද්‍යාඥයන් මෙතෙක් සියයට සියයක් අනාවරණය කරගෙන නැත.

විද්‍යාඥයන් වල් අර්තාපල් සහ වගා කරන ලද අර්තාපල්, තක්කාලි සහ ඒවායේ පැරණි ජාන විශ්ලේෂණය කළ අතර, ඒ හරහා සෑම අර්තාපල් විශේෂයක්ම තක්කාලිවල ඇති ජාන මිශ්‍රණයක් අඩංගු බව සොයා ගෙන තිබේ.

විද්‍යාඥයන් සිතන්නේ, මිලියන නවයකට පෙර දකුණු ඇමරිකාවේ අන්දීස් කඳුකරයේ වැඩුණු වල් තක්කාලි, එටුබෙරෝසම් නම් ශාකයක් සමඟ සංක්‍රමණය වූ බවය. එහිදී දෙමුහුන්කරණය වී ඒවායේ ජානමය ද්‍රව්‍ය මිශ්‍ර වී සම්පූර්ණයෙන්ම නව ශාක විශේෂයක් සෑදී ඇති අතර, එය අප දැන් දන්නා පරිදි අර්තාපල් ඇතිවීමට හේතු වූ බව පැවැසෙයි. මෙම පර්යේෂණයට සම්බන්ධ වී සිටින්නේ, චීනයේ ෂෙන්සෙන් කෘෂිකාර්මික පර්යේෂණ ආයතනයේ මහාචාර්ය සැන්වෙන් හුවාං ඇතුළු කණ්ඩායමය.

මනීෂී මංජරී


RECOMMEND POSTS