’කොවිඩ් 19’ අඩපණ කරන සුලබ ඔසුවක්

'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසය අඩපණ කිරීමට සමත්, අතුරු ආබාධ කිසිවක් නැති, මිල අඩු ඔසුවක් ඇතැයි බ්‍රිතාන්‍ය වෛද්‍යවරු ලොවට අනාවරණය කළහ.
මෙම ඔසුව 'ඩෙක්සාමෙතසෝන්' වන අතර, බ්‍රිතාන්‍ය වෛද්‍යවරුන් කළ මෙම අනාවරණය මේ වනවිට ලොව කාගේත් අවධානයට ලක් වී අවසන්ය. 'ඩෙක්සාමෙතසෝන්' අඩු මාත්‍රාවකින් යුත් ස්ටෙරොයිඩයක් වන අතර, මෙම ඔසුව මිල අඩු එකකි. චර්ම රෝග, අසාත්මිකතා, ඇදුම, දරුණු පෙනහළු ආසාදන සඳහාත්, ක්ෂයරෝගීන්ට ප්‍රතිජීවක සමඟත් 'ඩෙක්සාමෙතසෝන්' ලබා දෙයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය පවා එ් ගැන උනන්දුවක් යොමු කර ඇතිබවත්, 'ඩෙක්සාමෙතසෝන්' සායනික ප්‍රතිකාර සම්බන්ධයෙන්, බ්‍රිතාන්‍ය වෛද්‍ය පර්යේෂකයන් තමන්ට ලබා දුන් වර්තා අධ්‍යනය කරන බවත් ක සෞඛ්‍ය සංවිධානය මාධ්‍ය හමුවේ පවසා තිබේ.
'කොවිඩ් 19' වයිරසයට විශේෂිත එන්නතක් හෝ ඔසුවක් තවමත් සොයාගෙන නොමැත. බ්‍රිතාන්‍ය වෛද්‍ය සභාව පවසන්නේ, ඔවුන්ගේ අනුමැතිය සහ නිර්දේශ යටතේ වෛද්‍යවරුන් 'කොවිඩ් 19' ආසාදිතයන් 5,000 ක් තෝරාගෙන ඔවුන්ට 'ඩෙක්සාමෙතසෝන්' ලබා දුන් බවය.
වෛද්‍යවරුන් රෝහල්වල 'වෙන්ටිලේටර්' (ස්වස උපකරණ) අවශ්‍ය වූ අසාධ්‍ය රෝගීන් පමණක් නොව, වෛද්‍ය අධීක්ෂණය යටතේ නිවෙස්වල රැදවූ ආසාදිත රෝගින්ට ද 'ඩෙක්සාමෙතසෝන්' ලබා දී ඇත. ඔවුන් සැමගේ ජීවිත බේරා දීමට 'ඩෙක්සාමෙතසෝන්' සමත් වූ අතර කිසිදු අතුරු ආබාධයක් වාර්තා වී නැත.
'ඩෙක්සාමෙතසෝන්' යොදා ගනිමින් සිදු කළ සාර්ථක සායනික පර්යේෂණ සම්බන්ධයෙන්, බ්‍රිතාන්‍ය වෛද්‍ය සභාව අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ට සම්පූර්ණ වාර්තාවක් ද යොමු කර ඇතැයි ද පැවැසෙයි. 'මේක ඇත්තෙන්ම සතුටට කරුණක්. වයිරසයට එන්නතක් සොයන අවස්ථාවක දැනට අප භාවිතයට ගන්නා, අතුරු ආබාධ කිසිවක් නැති ඔසුවකින් කොවිඩ් 19 මර්දනය කිරීමට හැකිවීම මුළු ලෝකයටම සුබවාදී පුවතක්' යැයි අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් වැඩිදුරටත් පවසා තිබේ.
බහුලව නිර්දේශයකට ලක් කෙරෙන මෙම 'ඩෙක්සාමෙතසෝන්' ඔසුව මිල අඩු බැවින්, 'කොවිඩ් 19' ආසාදිතයන් බහුල දිළිඳු රටවලට මෙය සුදුසු බව ද බ්‍රිතාන්‍ය සෞඛ්‍ය බලධාරීහු වැඩි දුරටත් පැහැදිලි කරති.
ලන්ඩනයේදීය (රොයිටර්)

