‘ජී20’ සමුළුවට ට්‍රම්ප් ජර්මනියේ



ලෝක ආර්ථික බලවතුන්ගේ එකමුතුව හෙවත් ‘ජී20’ සමුළුව ජර්මනියේ ආරම්භ වන අතර, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඊට සහභාගීවීමට හැම්බර්ග් නුවරට පැමිණියේය.

මෙය ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පළමු ‘ජී20’ සමුළුවය. ඩොනල්ඞ් ට්‍රම්ප් ‘ජී20’ සමුළුවට සඳහා ජර්මනියට පැමිණියේ බිරිඳ මෙලානියා ද සමඟය. ට්‍රම්ප්ගේ උපදේශකවරුන් වන දියණිය ඉවන්කාත්, ඇගේ සැමියා ජෙර්ඞ් ද ජර්මනියට පැමිණියහ. පිරිස ජර්මනියට පැමිණෙන්නේ පෝලන්තයේ කෙටි නිල සංචාරයකින් ද පසුවය.

හැම්බර්ග් පැමිණි ට්‍රම්ප් උණුසුම් ලෙස පිළිගැනීමට ජර්මන් චාන්සල්වරිය ඇන්ජෙලා මාකෙල් කටයුතු කළාහ. ට්‍රම්ප් සහ මාකෙල් හමුව සුවිශේෂී එකක් විය. ඒ, මත ගැටුම් හේතුවෙන් ට්‍රම්ප් සහ ජර්මන් චාන්සල්වරිය ඇන්ජෙලා මාකෙල් අතර ඇයිහොඳයිකම් පළුඳු වී ඇති නිසාය.

ට්‍රම්ප් ජනපති ධුරයට පත්වුණු අවස්ථාවේදී, ඔහු හමුවීමට ඇන්ජෙලා මාකෙල් ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවරට ගියාය. එහිදී, මාධ්‍ය හමුවේ ඇයට අතට අත දීම පවා ජනපති ට්‍රම්ප් ප්‍රතික්ෂේප කළේය. කෙසේ නමුත් ජී 20 සමුළුවට පැමිණි ට්‍රම්ප් ඉතා සුහදව ඇන්ජෙලා මාකෙල්ට අතට අත දුන් බව වාර්තා විය.

(ඬේලිමේල්)

 


RECOMMEND POSTS