සුපිරි සඳ පායයි



වසර 152 කට පසු උදාවුණු සුපිරි නිල්, ලෝහිත සඳ සහ චන්ද්‍ර ග්‍රහණය දැක ගැනීමට ලොව රටවල් රැසක වැසියන්ට ඊයේ (31) අවස්ථාව උදා විය. 

ආසියානු, ඇමෙරිකානු, මැදපෙරදිග රටවල් රැසක වැසියන්ට මෙම දුර්ලභ අවස්ථාව දැක ගැනීමට හැකිවුණැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි. මෙවැනි අතිශය දුර්ලභ සංසිද්ධියක් මීට පෙර සිදුවී ඇත්තේ 1866 වසරේ යැයි නාසා විද්‍යාඥයෝ පෙන්වා දෙති.

සඳ මේ අයුරින් සුපිරි නිල් සඳක් ලෙස දකින්න ලැබුණේ එය වෙනදාට වඩා පෘථිවියට සමීප වීම හේතුවෙනි. සඳ රතු පැහැයෙන් දිස්වුණේ පෘථිවි වායුගෝලයට වැටෙන හිරු එළිය නිසා යැයි තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කර තිබුණාහ.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS