විරල සූර්ය ග්‍රහණය

වසර 10 කට පසු විරල ගණයේ වළයාකාර සූර්ය ග්‍රහණයක් අද (26) දකින්න ලැබුණි.
ශ්‍රී ලංකාවේ අපට පමණක් නොව, වෙනත් ආසියානු රටවල් කීපයකටත්, මැදපෙරදිග රටවල් කීපයකටත් සූර්ය ග්‍රහණය පැහැදිලිව දකින්න ලැබුණි.
පෙරවරු 8.10 සිට 11.25 තෙක් කාලය පුරා සූර්ය ග්‍රහණය දකින්න ලැබුණි.
වළයාකාර සූර්ය ග්‍රහණය පැහැදිලි ලෙස දකින්න ලැබුණේ, යාපනයට, කිලිනොච්චියට, මුලතිව් සහ ත්‍රිකුණාමලයට යැයි ද පැවැසෙයි.
සෙසු ප්‍රදේශවලට අර්ධ වළයාකාර සූර්ය ග්‍රහණයක් දකින්න ලැබුණි. කොළඹට ද සූර්ය ග්‍රහණය දකින්න ලැබුණේ අර්ධ වළයාකාර සූර්යට ග්‍රහණයක් ලෙසිනි.
සූර්ය ග්‍රහණය ආරක්ෂිතව නැරැඹීමට ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය අවශ්‍ය පහසුකම් සපයා තිබුණි.



සූර්ය ග්‍රහණයක් යනු පෘථිවිය සහ සූර්යයා අතරට සඳ එසේත් නැතිනම් චන්ද්‍රයා පැමිණීමය. චන්ද්‍රයාගෙන් සූර්යයා වැසී යද්දී, සූර්ය ග්‍රහණය සිදුවෙයි.
ඡායාරූප - ලහිරු හර්ෂණ
ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාර පරිශ්‍රයේ සිට

