ලන්ඩනයට ත්‍රස්ත ප්‍රහාර



ත්‍රස්ත ප්‍රහාර දෙකකින් මධ්‍යම ලන්ඩන් නුවර කැළැඹී ගියේය.

ප්‍රහාරයෙන් හත් දෙනකු මියගොස් 20 දෙනකු තුවාල ලැබූ බව මාධ්‍ය වාර්තා කරයි.

පළමු ප්‍රහාරය වූයේ වෑන් රියක් පදිකයින් යට කර දැමීමය.

දෙවැන්න පිහිවලින් සන්නද්ධ පස් දෙනකු දකින දකින සැමට ඇන පහරදීමේ සිද්ධියකි.

ප්‍රහාර එල්ල වූයේ ලන්ඩන් පාලම සහ බරෝ වෙළෙඳපොළ අසලය.

වෑන් රිය පදිකයන් යට කළේ ලන්ඩන් පාලමේදීය. ඒ, ලන්ඩන් නුවර වේලාවෙන් රාත්‍රී 10.28 ට පමණය.

පිහි ප්‍රහාරවලට ලක්වූයේ විවේකීය සෙනසුරාදා දිනයේ බරෝ  වෙළෙඳපොළ වීදිවල සැරිසරන්න වූ වැසියන්ය. පිහි ප්‍රහාරය සඳහා පස් දෙනකුගෙන් යුත් කණ්ඩායමක් පැමිණ ඇත.

‘අල්ලා දෙවියන් වෙනුවෙන්’ යැයි කියමින් පිහි ප්‍රහාරය එල්ල කළ පිරිස කෑ මොර දුන්නේ යැයි තුවාල ලැබූවෝ කියති. 

අගල් 12 ක් දිග පිහිවලින් සන්නද්ධ වී සිටි එම පස් දෙනා පලා ගිය බවත් ඔවුන් සොයා ලන්ඩන් පොලිසිය පුළුල් මෙහෙයුමක් ආරම්භ කළ බවත් වාර්තා වේ. එම මෙහෙයුම් මේ වනවිටත් සිදුවෙමින් පවතී.

එල්ල වූයේ ත්‍රස්ත ප්‍රහාර යැයි ලන්ඩන් පුරපති සිදීක් ඛාන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා ඇත. අගමැතිනි තෙරේසා මේ ද එම ප්‍රහාර ත්‍රස්ත ප්‍රහාර යනුවෙන් නම් කර ඇතැයි වාර්තා වේ. ප්‍රහාරය සම්බන්ධයෙන් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ද සිය කනගාටුව පළ කර ඇත.

(බී.බී.සී.)

 


RECOMMEND POSTS