රට පුරා සංචාරක ප්‍රවර්ධන වැඩසටහන්



ලෝක සංචාරක දිනය ඊයේ (27) ට යෙදී තිබූ අතර, ඒ නිමිත්තෙන් රට පුරා විවිධ සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් සංවිධානය කර තිබිණි.

විදෙස් සංචාරකයන්ද එම වැඩසටහන්වලට සහභාගී වී සිටිනු දක්නට ලැබුණු අතර, ඒ සියලු වැඩසටහන් අතර, විදේශිකයන්ට අපූරු අත්දැකීමක් ලබාදීමට මහනුවර දළඳා මාළිගය පියවර ගෙන තිබිණි. ඒ මාළිගාවේ ඇත් පන්තියේ ඇතුන් නෑවීමේ කටයුතුවලට සම්බන්ධවීමේ අවස්ථාව ඔවුන්ට ලබාදෙමිනි.

දළඳා මාළිගාවේ ඇත් පන්තියේ ‘පුලතිසි රාජා’, ‘මියන් රාජා’ ඇතුළු හස්තීන් එම වැඩසටහනට එක්ව සිටි අතර විදේශිකයන් එම හස්තීන් නෑවීමේ කටයුතුවලට එක්වීමට සහ ඔවුන් සමඟ සමඟ ඡායාරූප ලබාගැනීමට ද මෙහිදී සංචාරකයන්ට අවස්ථාව හිමිවිය.

එම සංචාරකයන් ඉතා උද්යෝගයෙන් පොල් ලෙලි කැබලිවලින් මාළිගාවේ හස්තීන්ගේ සම අතුල්ලමින් සහ ඔවුන් සමඟ ඉතා සමීපව ඡායාරූප ලබාගනිමින් මෙම නවමු අත්දැකීම ලබාගනු පෙනිණි.

මෙම අවස්ථාවට දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතා ද එක්ව සිටියේය.

සටහන - ඩයනා උදයංගනී 
ඡායාරූප - ළහිරු හර් ෂණ

RECOMMEND POSTS