යුද හමුදා සාමාජිකයන්ට එන්නත ලැබේ

ඉන්දීය රජයෙන් ලැබුණු ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනකා කොවිෂීල්ඩ්’ එන්නත යුද හමුදා රෝහලේ දී යුද හමුදා සාමාජිකයන්ට අද (29) උදෑසන ලබා දීම සිදුවිය.
මෙම අවස්ථාවට යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඇතුළු හමුදා ප්‍රධානීහු රැසක් එක් වී සිටියහ.

ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පර්යේෂකයන් ‘ඇස්ට්‍රා සෙනකා’ ඖෂධ නිෂ්පාදන සමාගම සමඟ එක් වී නිපදවූ කොරෝනා මර්දන ප්‍රතිශක්තිකරණ එන්නත, ඉන්දියාවේ සේරම් ඖෂධ නිෂ්පාදන සමාගම ප්‍රති නිෂ්පාදනය කරයි. ඒ, ‘කොවිෂීල්ඩ්’ යනුවෙන් නම් කෙරෙන්නේ එම එන්නතය.
සටහන සහ ඡායාරූපය
ගයාන් අමරසේකර

