මෝදි - නෙදන්යාහු සාකච්ඡා

ඊශ්‍රායලයේ සංචාරයක යෙදෙන ඉන්දීය අගමැති මෝදි සහ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු අතරේ සාකච්ඡා පැවැත් වුණු බවත්, ඉන්දියාවත් ඊශ්‍රායලයත් අතර සබඳතා තවත් ශක්තිමත් කර ගැනීමට එම සාකච්ඡා ඵලදායී වූ බවත් විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
දීර්ඝ වශයෙන් පැවැති සාකච්ඡාවලින් පසු, දෙදෙනා එක් වී මාධ්‍ය හමුවක් ද පැවැත්වීය. ඊශ්‍රායල පලස්තීන අර්බුදය සම්බන්ධයෙන් රාජ්‍ය නායකයන් දෙදෙනා කිසිවක් ප්‍රකාශ නොකළ බව ද වාර්තා වේ.
ඊශ්‍රායලයට පැමිණි පළමු ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලෙස මෝදිගේ මෙම සංචාරය සුවිශේෂී එකකි.
මෝදි, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු ද සමඟ ජෙරුසිලමේ පිහිටි යාඞ් වෂේම් යුදෙව් අනුස්මරණ කෞතුකාගාරය නැරැඹීමට ද ගියේය.
දෙවැනි ලෝක යුද සමයේදී යුදෙව් සංහාර සිදුවුණු අයුරු දැක්වෙන ඡායාරූප රැසක් මෙම කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත. කෞතුකාගාරයේ තබා ඇති අමුත්තන්ගේ ලේඛනයේ සටහනක් තැබීමට ද ඉන්දීය අගහමැතිවරයා අමතක නොකළේය.
(ඒ.එෆ්.පී.)

