මෙක්සිකෝවට භූමි කම්පාවක්

මෙක්සිකෝවේ දකුණුදිග වෙරළ තීරය සහ ඒ අවට පළාත් රැසක් ප්රබල භූමි කම්පාකින් කැළැඹිණි.
භූමි කම්පාවෙන් මියගිය ගණන 35 කි. රෝහල් ආරංචි මාර්ග කියා සිටියේ 100 කට ආසන්න පිරිසක් තුවාල ලැබූ බවය.
මියගිය සහ තුවාල ලැබූවන්ගේ ගණන තව තවත් ඉහළ යා හැකි යැයි මෙක්සිකෝ බලධාරීහු පවසති. මෙක්සිකෝවේ වැසියන් මිලියන 50 කට භූමි කම්පාවේ ප්රබලක්වය හොඳින් දැණුනු බව ද වාර්තා වේ.
මෙක්සිකෝ ජනාධිපති එන්රීකේ පෙනා නීටෝ භූමි කම්පාව හඳුන්වා දී ඇත්තේ සියවසකට පසු, මෙක්සිකෝවට බලපෑ ප්රබලතම භූ කම්පනය කියාය.

භූමි කම්පාවේ ප්රබලත්වය රික්ටර් පරිමාණයේ ඒකක 8.2 ක් සටහන් කළේය. එය හටත්තේ පැසිෆික් සාගර පතුළේය. භූමි කම්පාවෙන් ගොඩනැගිලි නිවාස මුළුමනින්ම බිමට සමතලා වුණු බව ද වාර්තා වේ.
භූමිපාවෙන් පසු මීටර් 3 ක් උසැති සුනාමි රළ වෙරළට කඩා වැදුණු බව ද වාර්තා වේ. දරුණු හානි සිදුවූයේ ඔඇක්සකා සහ චියාපාස් යන ප්රාන්තවලටය.
(ඒ.එෆ්.පී.)

