පැය 17 ක සෘජු ගුවන් ගමනක්

එක්සත් රාජධානිය සහ ඕස්ටේ්රලියාව අතර සෘජු ගුවන් ගමන් ඊයේ (25) සිට ආරම්භ විය.
ඕස්ටේලියාවේ සිට එක්සත් රාජධානිය තෙක් මංගල ගමනට සම්බන්ධ වූයේ ක්වන්ටාස් ගුවන් සේවයයි. ඕස්ටේලියානු ක්වන්ටාස් ගුවන් සේවය ඔවුන්ගේ ‘බෝයිං 787-9 ඩී්‍රම්ලයිනර්’ වර්ගයේ ගුවන් යානය ඒ සඳහා යොදා ගත්තේය.
ඕස්ටේලියාවේ පර්ත් නුවර සිට එක්සත් රාජධානියට අයත් එංගලන්තයේ ලන්ඩන් නුවර තෙක් පියාසර කිරීමට ගතවුණු කාලය පැය 17 කි.
මංගල ගමනට එක් වුණේ ක්වන්ටාස් ගුවන් සමාගමට අයත් කියු.එෆ්. 9 ඩීම්ලයිනර් යානයයි. දිගු ගුවන් ගමනකදී මගීන් අපහසුතාවට පත්වීම වැළැක්වීමට ඩීම්ලයිනර් ගුවන් යානා ඇතුළේ වාතය නිරන්තරයෙන් පිරිසුදු කිරීමට ලක් වෙයි.
ක්වන්ටාස් ගුවන් සමාගමේ ප්‍රධානී ඇලන් ජොයිස්, මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ ඕස්ටේලියාව සහ එක්සත් රාජධානිය අතර සෘජු ගුවන් සේවා ආරම්භ කිරීම කෙරෙහි කාලයක් තිස්සේ තම ගුවන් සේවය උනන්දුවෙන් පසුවුණු බවය.
එක්සත් රාජධානිය සහ ඕස්ටේලියාව අතර මේ අයුරින් සෘජු ගුවන් ගමන් ඇරැඹීම ඉතිහාසයේ සංධිස්ථානයක් බව ද ඇලන් ජොයිස් පෙන්වා දෙයි. ඓතිහාසික මංගල ගුවන් ගමනට මගීන් 200 දෙනෙක් එක් වූහ. නියමුවන් ද ඇතුළුව ගුවන් යානයේ සිටි කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් ගණන 16 කි.
යානයේ නියමුවන්ගෙන් කෙනකු කාන්තාවකි. ගුවන් යානය ලන්ඩන් බලා පිටත්වීමට පෙර මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ නියමුවරිය නීලා නෝර්මන් කියා සිටියේ මෙම ඓතිහාසික අවස්ථාවට එක් වන්න තමන්ට ඉඩ ලැබීම සතුටක් කියාය.
යානය 24 රාත්‍රියේ පර්ත් නුවරින් ගුවන්ගත විය. ගුවන් යානය පර්ත් නුවර සිට ලන්ඩනය බලා පැමිණියේ 25 උදෑසනය. ඒ, කිලෝ මීටර් 14,498 දුරක් පසු කරමිණි. ඕස්ටේලියාව සහ එක්සත් රාජධානිය අතරේ ගුවන් මාර්ගය කැන්ගරු ගුවන් මාර්ගය යනුවෙන් නම් කෙරුණි. සෘජු ගුවන් සේවා ආරම්භ කිරීමත් සමඟ සංචාරකයන්ගේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි යැයි බටහිර ඕස්ටේලියා ප්‍රාන්ත ආණ්ඩුව පවසයි. ගුවන් යානය පර්ත් නුවරින් පිටත්ව යෑමේ අවස්ථාව දැක බලා ගැනීමට බටහිර ඕස්ටේ්රලියා ප්‍රාන්ත ආණ්ඩුකාර මාර්ක් මැක්ගෝවන් ඇතුළු ප්‍රාන්ත බලධාරීන් පමඛක් නොව මාධ්‍යවේදීහු රැසක් ද එක් වී සිටියහ.
(රොයිටර්)

