ප්‍රංශයේ ලක් මිණි කැට උපහාර



වර්තමානය වන විට විදේශ රටවල උපත ලබා එම රටවල අධ්‍යාපනය ලබමින් එම රටවල විවිධ විශ්ව විද්යාල, විශේෂ අධ්‍යාපන පීඨ ආදී උසස් අධ්‍යපන ආයතන වල විවිධ භාෂා වලින් ඉගෙනුම ලබමින් විවිධ ක්‍ෂේත්‍ර වල උපාධියන් හිමි කර ගනිමින් උසස් රැකියාවල් වල නිරත වෙමින් ඉතා යහපත් ජීවිත ගත කරන ශ්‍රීලාංකික දරුවන් ලක්ෂ ගනනක් විදේශයන්හී විවිධ රටවල ජීවත් වෙති.

එම දුදරුවන් ගෙන් විශාල පිරිසක් 70,80 දශකයේ පරම්පරාවට අයත් විවිධ රටවලට සංක්‍රමනයවූ ශ්‍රීලාංකික දෙමාපියන්ගේ දරුවන්ය. එම දෙමාපියන් මෙම රටවලට පැමින දිවා රෑ නොතකා රැකියාවල් කරමින් දරුවන් උස් මහත් කරමින් උසස් අධ්‍යාපනයක් ලබා දීමට දැඩි කැපවීමකින් කටයුතු කරති. මේවන විට එම කැපවීමේ ප්‍රථිපල නෙලමින් සිටිති.

විද්‍යා, වානිජ, කලා, නීති, ඉංජිනේරු, වෛද්‍ය, පරිඝනක, ගණකාධිකාරී, සංගීතය , ක්‍රීඩා හා වෙනත් විවිධ විශේෂිත ක්‍ෂේත්‍රයන්හී ඔවුන් නිපුනයන්වී සිටිති. ඔවුන්ගෙන් බොහෝමයක් මේවන විටත් විවාහක හා සමහරක් දරු සුරතල් විඳින දෙමාපියන් බවටද පත්වී ඇත්තේය. ඔවුන් අතරින් විශේෂිත උගතුන්ද බිහිවී ඇත්තේය. ඔවුන්ව ඇගයීමට ලක්වූ විශේෂිත අවස්ථා ගැනද් ලෝ වටා තොරතුරු වලින්  අපට දැන ගැනීමට ලැබී ඇත්තේය. නමුත් විදේශයකදී එවැනි දරුවන් විශාල ප්‍රමානයක් එකවර ඇගයීමකට ලක් කල අවස්ථාවක් ගැන දැන ගැනීමට නැති තරම්ය. එවැන් පරිසරයක ඉහත සඳහන් සුවිශේෂිත අධ්‍යාපන දස්කම් දැක්වූ දු දරුවන් පිරිසක් ඇගැයීමට ලක් කොට එම දෙමාපියන් ගෞරවණීය ලෙස පිලි ගනිමින් සිදුකරන ලද වටිනා උපහාර උළෙලක් පසුගියදාා පැරීසියේදී පැවැත් වූයේය.

දශක 4 කට ආසන්න කාලයක් ප්‍රංශයේ ශ්‍රීලාංකික අනන්‍යතාවය රැකගත් පැරීසියේ ශ්‍රීලාංකිකයන්ගේ මහ ගෙදර ලෙස සලකන ප්‍රංශයේ ශ්‍රීලංකා සිංහල සංස්කෘතික සංවිධානයේ මූලිකත්වයෙන් ප්‍රංශයේ දිදුලන ලක් මිණි කැට උපහාර උළෙල පසුගිය 25 වෙනි සෙනසුරාදාා සවස ප්‍රංශයේ ශ්‍රීලංකා තානාපතිනිය මනීෂා ගුණසේකර මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැරීසියේදී ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් පැවැත් වූවෝය. තානාපති කාර්යාලයේ කාර්ය මන්ඩලය, පැරිස් දෙපාර්තමේන්තුවට අයත් කොළොම්ඹ නගර සභාවේ උප නගරාධිපති ඇතුළු ආරාධිතයන් රැසක් ගෞරවණීය ආරාධිතයන් ලෙස සහභාගි  වූවෝය.

සිංහල සංස්කෘතික සංවිධානය විසින් නිර්මාණය කල ඇගැයීමේ සහතික පතක් හා අලංකාර පදක්කමක් පිරිනමමින් එම දුදරුවන්ට උපහාර පිරි නැමුනු අතර ඒ සඳහා පැරීසියේ හා ඒ අවට වෙසෙන විවිධ ක්‍ෂේත්‍ර වල පශ්චාත් උපාධි හිමිකර ගත් දරුවන් 40 දෙනෙකු පමණ ඒ සඳහා තෝරා ගෙන තිබූ අතර එම සහතික පත්‍ර හා කුසලතා පදක්කම් පිරිනැමීම ප්‍රංශයේ ශ්‍රීලංකා තානාපතිනිය හා සහභාගීවූ උප නගරාධිපතිනිය අතින් සිදුවූයේය.

පැරීසියේ වෙසෙන ශ්‍රීලාංකිකයන් විශාල පිරිසක් සහභාගී වූ ඉහත උත්සවය නැටුම්, ගැයුම්, වැයුම් වලින් සමන්විත ශ්‍රීලාංකික දේශීය සංස්කෘතික අංග රැසක් ඇතුලත් දර්ශණීය සංස්කෘතික ප්‍රසංඟයක්ද පවත්වා සහභාගීවූ සියලු දෙනාටම පිලිගැන්වූ ඉතාමත් ප්‍රනීත රාත්‍රී භෝජන සංග්‍රහයකින් පසු උත්සවයේ කටයුතු අවසන්වූ අතර එයට සහභාගීවු සියලු දෙනාටම හා නන්අයුරින් උදව් උපකාර කල සියලු දෙනාටම ගෞරවණීය ස්තුතිය පුදකර සිටින බව ඉහත සංවිධානයේ සභාපති ප්‍රංශයේ ට්‍රයිකෝ ආයතනයේ අධිපති රංජිත් කුලතුංග මහතා ඇතුලු එම නිලධාරී මඩුල්ල පැවසුවෝය.  
 
සුනිල් ආනන්ද
පැරීසියේ සිට

RECOMMEND POSTS