නවීන තේ කම්හලක්
අන්තර්ජාතික ප්‍රමිතියෙන් නවීන තාක්ෂණයෙන් හා නව යන්ත්‍ර සූත්‍ර සහිතව මැක්සිම්ස් හෝල්ඩින්ග්ස් සමාගම මගින් මුල්ලේරියාව අඹතලේ මාර්ගයේ අංක 286 ඩී දරණ ස්ථානයේ ඉදිකළ තේ කර්මාන්ත ශාලා සංකීර්ණය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ද සහභාගීත්වයෙන් ඊයේ (29) විවෘත කෙරිණි.
මෙරට ඉදිකෙරුණු නවීනතම තාක්ෂණයෙන් යුතු තේ කර්මාන්තශාලාව ලෙස සැලකෙන පරිගණකගත කළ වර්ග අඩි 65,000ක් වන නවීන ගබඩා සංකීර්ණයකින් නව්‍යතාවයෙන් යුතු කාර්යාල සංකීර්ණයකින් තේ සැකසීම, ඇසුරුම් කිරීම ආදිය සඳහා නවීන යන්ත්‍ර සූත්‍ර ආදියෙන් මෙන්ම සේවක සේවිකාවන් සඳහා සෞඛ්‍ය පහසුකම් ඇතුළු සෙසු පහසුකම් රැසකින් සමන්විතය.
මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ තේ නිෂ්පාදන සමාගම් සඳහා උසස් මට්ටමින් තේ කුඩු ඇසුරුම්කරදීමේ කටයුතු ද මෙම නව කර්මාන්තශාලාව ඔස්සේ සිදුකිරීමට මැක්සිම්ස් හෝල්ඩින්ග්ස් සමාගම පියවර ගෙන ඇත.
එම සමාගමේ අනු ආයතනයක් වන යුරෝ ඒෂියා තේ සන්නාමය දේශීය හා විදේශීස සම්මාන ගණනාවක් ලබාගනිමින් මෙරට තේ අපනයන ක්ෂේත්රයට නව වටිනාකම් එක්කර ඇත.
මෙම කර්මාන්තශාලාව විවෘත කළ ඊයේ (29) දිනයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත" මැක්සිම්ස් හෝල්ඩින්ග්ස් සමාගමේ සභාපති, රුසියාවේ හිටපු තානාපති හා ජනාධිපති ජාත්‍යන්තර කටයුතු උපදේශක සමන් වීරසිංහ යන මහත්වරුන් ද එක්ව සිටියහ.
(ඩයනා උදයංගනී)