නවසීලන්තය වයිරසයෙන් නිදහස්

මේ වනවිට නවසීලන්තයේ කිසිදු ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයකු හමුනොවන බවත්, රෝගී ව සිටි සියලු දෙනා සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවත් නවසීලන්ත අගමැතිනී ජැසෙන්ඩා එර්ඩන් මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියාය.
ඒ අනුව, ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයෙන් නිදහස් වූ පළමු රට ලෙස නවසීලන්තය සැලකෙයි. තව සතියක කාලයක් ආසාදිතයන් හමුවන්නේදැයි විමසිල්ලෙන් පසුවන බවත්, එසේ ආසාදිතයකු හමුනොවුණොත්, ලබන 15 වැනිදා ‘කොවිඞ් 19’ වයිරසය තුරන් කළ ලොව පළමු රට ලෙස නිල වශයෙන් නවසීලන්තය නම් කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා තිබේ.
නවසීලන්තයෙන් වාර්තා වූ ‘කොවිඞ් 19’ ආසාදිතයන් ගණන 1,154 කි. වයිරස ආසාදිතයන් හඳුනා ගැනීමට නවසීලන්තය සිදු කළ පර්යේෂණ ගණන 2,94,800 කි. වාර්තා වුණු මරණ ගණන 22 කි. නවසීලන්තයෙන් පළමු ‘කොවිඞ් 19’ ආසාදිතයා වාර්තා වූයේ පෙබරවාරි 28 වැනිදාය.
නවසීලන්තයෙන් අවසන් වරට ‘කොවිඞ් 19’ ආසාදිතයකු වාර්තා වූයේ පසුගිය මැයි 22 වැනිදාය. ‘කොවිඞ් 19’ ආසාදිත අවසන් රෝගියා සුවය ලබා රෝහලෙන් පිටවී පැය 48 ක් ගතවීමෙන් පසුවත් කිසිදු ආසාදිතයකු වාර්තා වූයේ නැත.
වෙලින්ටන්හිදීය (රොයිටර්)

