ත්‍රස්ත ප්‍රහාරයෙන් බලාගාරය අක්‍රිය වෙයි



ත්‍රස්තවාදීන් එල්ල කරන ලද රොකට් ෂෙල් වෙඩි ප්‍රහාරයන් ගණනාවක්  හේතුවෙන් සිරියාවේ උතුරු හමා නගරයේ සිට කිලෝ මීටර් 25 ක් දුරින් පිහිටා ඇති මෙගා වොට් 300ක විදුලි උත්පාදනය කරනු ලබන මාහාඩි විදුලි බලාගාරය අක්‍රිය වී ඇති බව වාර්තා වේ.

ත්‍රස්තවාදීන් එල්ල කරන ලද ප්‍රහාරයකින් පසු විදුලි බාලාගාරය අක්‍රීය වු බව ප්‍රවාහන සහ විදුලි උත්පාදන සංස්ථාවේ සහකාර අධ්‍යක්ෂ, ෆාවාස් අල්- දහේර් සිරියානු ප්‍රවෘත්ති ඒජන්සියට  ප්‍රකාශ කළේය.

සමහර ප්‍රදේශයන්ට වරින් වර විදුලිය ලබාදීමට හැකියාව ලැබුණු බවත් රාමසාන් කාල සීමාවේදි විදුලිය ලබාදීම සම්පුර්ණයෙන්ම නතර කර දැමීමට සිදුවු බව සහකාර අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(සිරියානු ප්‍රවෘත්ති ඒජන්සි පුවත් ඇසුරෙනි) 


RECOMMEND POSTS