කටාරය සමඟ සබඳතා අත්හරී



කටාරය සමඟ සියලුම රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වහාම නවතා දැමීමට සෞදි අරාබිය, එක්සත් අරාබි එමීරය, බහරේනය සහ ඊජිප්තුව තීරණය කර ඇත.

කටාර් රාජ්‍යය සම්බන්ධයෙන් සෞදි අරාබිය, එක්සත් අරාබි එමීරය, බහරේනය සහ ඊජිප්තුව මෙම තීරණය ගෙන ඇත්තේ කටාරය ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන බවට චෝදනා කරමිණි.

කටාරය සමඟ සබඳතා නවතා දැමීමට පළමුවෙන්ම තීරණය කළේ සෞදියයි. එක්සත් අරාබි එමීරය, බහරේනය සහ ඊජිප්තුව ඉන්පසු සෞදියට පක්ෂව කටාරය සමඟ සබඳතා නවතා දැම්මේය.

මැදපෙරදිග රටවල ආරක්ෂාවට පමණක් නොව, ස්වෛරීත්වයට කටාරය බාධාවක් බව සෞදිය වැඩි දුරටත් කියා සිටී.
තම රටේ සිටින කටාර් තානාපතිවරයාට සහ රාජ්‍ය තාන්ත්‍රිකයන්ට රටින් පිටවන ලෙස දන්වා ඇති අතර, ඒ සඳහා පැය 48 ක කාලයක් ලබා දී ඇතැයි ද වාර්තා වේ.

2013 වසරේ ඊජිප්තුවේ සිදුවුණු හමුදා කුමන්ත්‍රණයේ දී ‘මුස්ලිම් සහෝදරත්වය’ දේශපාලන කණ්ඩායමට කටාරයේ සහාය හිමිවුණු බවට ඊජිප්තු රජය දිගින් දිගටම චෝදනා කර තිබුණි. අද වනවිට ‘මුස්ලිම් සහෝදරත්වය’ පක්ෂය ඊජිප්තුවේ තහනම් කර ඇත.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS