76 වෙනි නිදහස් සැමරුම පැරීසියේ



ශ්‍රී ලංකාවට නිදහස ලැබී 2024 පෙබරවාරී 4 වෙනිදාාට වසර 76කි. ඒ වෙනුවෙන් ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සංවිධානත්වයෙන් ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති මනීෂා ගුණසේකර මැතිනියගේ ප්‍රධානත්වයෙන් හා තානාපති කාර්ය මණ්ඩලයද, සියලුම ආගම්හී පූජ්‍ය පක්ෂයේත්, පැරීසියේ ක්‍රියාශීලී, සංවිධානයන් හී නිලධාරීන් ශ්‍රී ලාංකික සිංහල, දෙමළ, මුස්ලිම් බර්ගර් ආරාධිතයන්ගේ  සහභාගිත්වයෙන් “හදමු අලුත් රටක්”යන තේමාව මුල් කර ගනිමින් අලංකාර අභිමානවත් නිදහස් උත්සවයක් පසුගිය 04 වෙනිදා  පැරීසියේදි පැවැත්වුනි. 

ප්‍රංශයේ ප්‍රධාන සංඝ නායක ලා බුර්ජේ ජාත්‍යයන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පූජ්‍ය පරවාහැර චන්ද්‍රරතන හිමියන් පැරිසියේ ධම්ම චක්ක බෞද්ධ විහාරයේ විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය කෝන්ගස්දෙනියේ ආනන්ද හිමියන්, ආචාර්්‍යය පූජ්‍ය කිරින්දේ ප්‍රේමසිරි හිමියන් විසින් සිදුකල බෞද්ධාගමික වතාවත් වලින් පසු අනෙක් ආගම්හී පුජා මෙහෙයන් එම පූජකවරුන් වන ලංකා අප ස්වාමි දූගේ කතෝලික සංඝයේ ගරු උපාධ්‍ය දිනේෂ්  කීර්ති  පියතුමන්, හින්දු ආගමික සිවනාදන් සිවපාලේන්ද්‍රන් ගුරුක්කල් තුමා හා ඉස්ළාම් ආගමික මොහොමඩ් නවාස් මලවි තුමා විසින්  ගෞරවනීය ලෙස සිදු කලේය. ඉනික්බිතිව පොල්තෙල් පහන දැල්වීම, ජාතික ධජය එසවීම, විරුවන් සැමරීම, පැරීසියේ ධම්ම චක්ක දහම් පාසැලේ සිසු දරුවන් හා පැරීසියේ ලංකා අප ස්වාමීදූගේ කතෝලික සංසදයේ දූ දරුවන් විසින් ගායනය කල ජය මංගල ගාථා හා ජාතික ගී හඬ මැද ඇරඹුනු ජාතික නිදහස් උත්සව සභාවට ශ්‍රී ලංකා ජන රජයේ ජනාධිපති තුමාගේ, අගමැති තුමාගේ, විදේශ ඇමති තුමාගේ නිදහස් දින පනිවුඩයන් ශ්‍රී ලාංකික සියලුම භාෂා වලින් සභාවට දැන්වීය.

අනතුරුව තානාපති තුමියගේ නිදහස් සැමරුම් දේශනයද ඉන්පසු පැරීසියේ තිසරාවී කලායතනය, තාල කලායතනයේ ශ්‍රීලාංකික අනන්‍යතාවය විදහා දක්වන දේශීය උඩරට නර්තන, ,පැරිස් ධම්ම චක්ක බෞද්ධ විහාර දහම් පාසැලේ දු දරුවන් ශ්‍රී ඩේසී කලායතනය, පැරීසියේ දමිල විද්‍යා කලායතනය විසින් ඉදිරිපත් කල අලංකාර සංස්කෘතික නර්ථන ප්‍රසංඟයක්ද පැරීසියේ තානාපති කාර්යාලයේ නිලධාරී මන්ඩලය විසින් ඉදිරිපත් කල දේශාභිමාණීය ගී එකතුවකින් ද නිදහස් සැමරුම් වේදිකාව වර්ණවත් වුයේය.

 

අනතුරුව සහභාගීවූ සියලු දෙනාටම දිවා භෝජන සංග්‍රහායක්ද පැවැත් වුයේය. සිංහල, දමිළ, මුස්ලිම්, බර්ගර්  ශ්‍රී ලාංකිකයෝ විශාල පිරිසක් මෙම නිදහස් සැමරුම් උත්සවයට සහභාගි වූවෝය.

සුනිල් ආනන්ද
පැරීසියේ සිට


RECOMMEND POSTS