2020 පිළිගනිමින්

සුපුරුදු පරිදි නව වසර පළමුවෙන් උදාවූයේ පැසිෆික් සාගරයේ කිරිබතී, සැවෝමා, නවසීලන්තය යන දූපත් රාජ්‍යවලටය.
ඉන්පසු පිළිවෙළින් ඔස්ටේ්රලියාව, ජපානය, රුසියාව, මැලේසියාව රටවලටත්, බි්රතාන්යය, ප්‍රංශය, ජර්මනිය ආදී යුරෝපා රටවලටත් අවසානයේ ඇමෙරිකාවටත් නව වසර උදාවිය.
2020 නව වසර උදා වෙද්දී, ලොව සුප්‍රකට ස්මාරක සහ ගොඩනැගිලි ආශි‍්‍රතව සුපුරුදු පරිදි අලංකාර මල්වෙඩි සැණකෙළි පැවැත්විණි. ඊට අමතරව, හොංකොං වික්ටෝරියා වරායේ පැවැති මල්වෙඩි සංදර්ශනයක් පැවැත්විණි. උතුරු කොරියානුවන් නව වසර සමරමින් යොංග්යැංග් අගනුවර කිම් ඉල් සුන් චතුරස්රයට රැස්වී මල් වෙඩි සංදර්ශනයක් පැවැත් වූ බව දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කළේය. තායිලන්තය සහ ජපානය ආගමික කටයුතුවලට මුල් තැන දෙමින් 2020 නව වසර පිළිගත් බව පැවැසිණි.
ලොව උසම ගොඩනැගිල්ල වන බර්ජ් කලීෆා කේන්ද්‍රකොට ගනිමින් ද අලංකාර මල්වෙඩි සංදර්ශනයක් පැවැත්විණි. අවසන් වරට නව වසර උදාවූයේ ඇමෙරිකා මහද්වීපයටය. සුපුරුදු පරිදි නිව්යෝක් නුවර වැසියෝ, ටයිම්ස් චතුරස්රයට එක්රොක් වී නව වසර සැමැරූහ. ඒ, සංගීත සංදර්ශන සහ මල්වෙඩි සංදර්ශන මැදය.
(ඩේලිමේල් ඇසුරිනි)

