‘හාර්වි’ සුළි කුණාටුව ඇමෙරිකාවට



‘හාර්වි’ යනුවෙන් නම් කළ ප්‍රචණ්ඩ සුළි කුණාටුව ටෙක්සාස් ජනපදය හරහා ඇමෙරිකාවට කඩා වැදුණි.

ඇමෙරිකන් කාලගුණ විද්‍යාඥයන් පැවැසුවේ වසර 13 කට ඇමෙරිකාවට කඩා වැදුණු ප්‍රචණ්ඩතම සුළි කුණාටුව මෙය බවය. සුළි කුණාටුව හමා ආවේ පැයට කිලෝ මීටර් 215 ක වේගයකිනි.

එක් පළාතකින් සෙ.මී. 42 ක වර්ෂාපතනයක් වාර්තා වුණැයි ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වාර්තා කළේය.

අවදානම් පළාත්වල වෙසෙන පිරිස් ලක්ෂ ගණනින් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත. පළාත් කිහිපයකින් ජල ගැලීම් ද වාර්තා වේ.

ආපදා තත්ත්වයකට මුහුණ දෙන ලෙසත්, විපතට පත් වන පිරිස් වෙත කඩිනමින් සහනාධාර සැපැයීමටත් කටයුතු කරන්නැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් උපදෙස් දී තිබේ.

(බී.බී.සී.)

 


RECOMMEND POSTS