‘ජී20’ ට විරෝධයක්



ජර්මනියේ හැම්බර්ග් නුවර ආරම්භ වන ලෝක ආර්ථික බලවතුන්ගේ එකමුතුව හෙවත් ‘ජී20’ සමුළුවට විරෝධය පළ කරමින් මානව ක්‍රියාකාරීහු විරෝධතා පවත්වන්න වූහ.

මෙම විරෝධතා සඳහා ජර්මන් ක්‍රියාකාරීන් පමණක් නොව, සෙසු රටවල මානව ක්‍රියාකාරීහු ද එක් වී සිටියහ. ‘ජී20’ සමුළුව ‘විහිළුවක්’ බවටත්, වසරක් පසා රාජ්‍ය නායකයන් රැස්වී සාකච්ඡා කළත්, එයින් ලෝකයට සෙතක් නොවන බවටත් මානව ක්‍රියාකාරීහු චෝදනා කරති.

ජල ප්‍රහාර එල්ල කරමින් ඔවුන් මර්දනය කිරීමට ජර්මන් පොලිසිය සමත් විය. කලහකාරීව හැසිරුණු පිරිස් දේපොල හානි කරමින්, පෙට්ට්‍රල් බෝම්බවලින් දමා ගසමින්, මෝටර් රථ ගිනි තබන්න වූ බව ද වාර්තා වේ. එම පිරිස් පලවා හැරීමට කැරැලි මර්දන පොලිසියට රබර් උණ්ඩ භාවිතා කිරීමට සිදුවුණු බව ජර්මන් රජය කියයි.

(ඬේලිමේල් ඇසුරිනි)

 


RECOMMEND POSTS