‘ඉර්මා’ කැරිබියානු දූපත් කළඹයි

පැයට සැතපුම් 185 ක වේගයකින්, තද සුළං සහ මහ වැසි ද සමඟ හමා ආ ‘ඉර්මා’ නමැති ප්රචණ්ඩ සුළි කුණාටුව කැරිබියානු දූපත් පසු කරමින් ඇමෙරිකාව දෙසට ඇදෙන්න විය.
‘ඉර්මා’ සුළි කුණාටුව කෙතරම් ප්‍රබලදැයි කීවොත් එය පෘථිවි කක්ෂයට පවා ඉතා පැහැදිලිව දකින්න ලැබුණැයි ඇමෙරිකාවේ නාසා ආයතනය ඡායාරූප පළ කරමින් කියා සිටියේය.
ඇමෙරිකන් කාලගුණ විද්‍යාඥයන් ‘ඉර්මා’ හඳුන්වා දී තිබුණේ ප්‍රබලත්වයෙන් 5 වැනි ස්ථානයේ පසුවුණු ප්රචණ්ඩ සුළි කුණාටුවක් කියාය. සුළි කුණාටුවක ප්‍රබලත්වය එකේ සිට 5 තෙක් කාණ්ඩ වශයෙන් වෙන් කෙරේ. පළමු ස්ථානයේ සුළි කුණාටුවක් යනු ප්රබගත්නයෙන් ඉතා අඩු එකකි.
පස් වැනි ස්ථානයේ පසුවන සුළි කුණාටුවක් ලෙස සැළකෙන්නේ ගෙවල් දොරවල් ආදී සියල්ල ගසා ගෙන යන, මහා පරිමාණයෙන් දේපොළ සහ ජීවිත හානි සිදු කරන සුළි කුණාටුවකි.
‘ඉර්මා’ කුණාටුව පළමුවෙන්හ හමා ආවේ කැරිබියානු දූපත් සමූහයට අයත් ලීවර්ඞ් දූපත හරහාය. ඒ, පෙරේදා දිනයේය. ඉන්පසු පුවර්ටෝ රීකෝ සහ වර්ජීන් අයිලන්ඞ්ස් දූපත් පසු කළේය.
ඉදිරි දිනවලදී ‘ඉර්මා’ ඩොමිනිකන් රිපබ්ලික් දූපත, හයිටිය පසුකරමින් බහාමාස් සහ කියුබාව හරහා ගිණිකොනදිග ඇමෙරිකාවට කඩා වැදීමට නියමිත යැයි කාලගුණ විද්‍යාඥයෝ අනාවැකි කියති.
සුළි කුණාටුව ගැන කල්තියා අනතුරු ඇඟවීමත් සමඟ කැරිබියානු දූපත් වැසියන් දස දහසකට වැඩි පිරිසක් ආරක්ෂක ස්ථාන වෙත යොමු කිරීමට බලධාරීහු කටයුතු කළහ. ගුවන් ගමන් සියල්ල අත්හිටුවා දැමුණි.
(රොයිටර්/ඬේලිමේල්)

