හොංකොං බල්ලකුටත් කොරෝනා

හොංකොං හි බල්ලකුට ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි එරට සෞඛ්‍ය බලධාරීහු අද (1) නිවේදනය කළහ.
මෙම බල්ලා කොරෝනා ආසාදිතයකුට අයත් සුරතලෙකි.
බල්ලාගේ ස්වාමියා කොරෝනා ආසාදිතයකු බව තහවුරුවීමෙන් ඔහු වහා රෝහල්ගත කර නිරෝධායනය කර තිබේ.
බල්ලා රෝගී වී ඇත්තේ ඉන්පසුවය වෛද්‍යවරුන් බල්ලාගේ රුධිර සාම්පල පරීක්ෂා කරද්දී, කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.
බල්ලා වෙන් කර තැබීමට ඒ අනුව පියවර ගත් බව හොංකොං බලධාරීහු පවසති.
‘කෝවිඩ් 19’ වයිරසය බල්ලකුට ආසාදනය වූ බව තහවුරු වුණු පළමු අවස්ථාව මෙය යැයි පැවැසෙයි.
(අල් ජසීරා)

