ශීක් හසීනාට විශිෂ්ට ජනවරමක්



බංග්ලාදේශ මහ මැතිවරණයෙන් අගමැතිනී ශීක් හසීනා ප්‍රමුඛ ඇගේ පාලක අවාමි ලීගය විශිෂ්ට ජයක් හිමි කර ගත්තේය.

බංග්ලාදේශ පාර්ලිමේන්තුව ආසන 300 කි. ඊට අමතරව, තවත් ආසන 50 ක් කාන්තාවන් වෙනුවෙන් වෙන් කරනු ලැබ ඇත. රජයක් පිහිටුවීමට දිනා ගත යුතු ආසන සංඛ්‍යාව 151 කි. ආසන 300 න් ආසන 288 ක් දිනා ගැනීමට අගමැතිනී ශීක් හසීනාගේ අවාමි ලීගය ප්‍රමුඛ සන්ධානය සමත් විය.

ලැබූ විශිෂ්ට ජයත් සමඟ 71 හැවිරිදි ශීක් හසීනා යළි අගමැති ධුරයට පත් වන්නේ සිවුවැනි වරටය. ඇය අවාමි ලීගයට නායකත්වය දෙන්නේ 1981 වසරේ සිටය. ශීක් හසීනා සහ ඇගේ පක්ෂය බංග්ලාදේශයේ බලයේ රැඳී සිටින්නේ 2009 වසරේ සිටය.

මැතිවරණ ප්‍රතිඵලය තමන් පිළි නොගන්නා බවත්, මැතිවරණ අක්‍රමිකතා රැසක් සිදුවී ඇති බවත් විපක්ෂ සන්ධානය මෙහෙයවූ කමල් හොසේන් බංග්ලාදේශ මැතිවරණ කොමිසමට පැමිණිලි කර ඇති බව ද පැවැසෙයි.

(රොයිටර්ස්)

 


RECOMMEND POSTS