වෙඩි තැබීමෙන් 50 ක් මරුට

ඇමෙරිකාවේ ලස් වේගාස් නුවර සංගීත සැණකෙළියකට එල්ල වුණු වෙඩි වරුසාවකින් 59 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 527 ක් බව පොලිසිය කියයි.
වෙඩි තැබීම සිදුවූයේ ලස් වේගාස් නුවර ‘ලස්වේගාස් තීරයේ’ මැන්ඩලේ බේ හෝටලය ඉදිරිපිට එළිමහනේ පැවැත්වුණු සංගීත සැණකෙළියටය.

වෙඩි තැබීම කළේ 64 හැවිරිදි ස්ටෙෆන් පැඩොක් නැමැත්තා බව පසුව පොලිසිය විසින් හඳුනා ගනු ලැබුණි. ඔහු වෙඩි තැබීම සිදු කළේ මැන්ඩලේ බේ හෝටලයේ 32 වැනි මහලේ පිහිටි හෝටල කාමරේක සිටය.
වෙඩි වරුසාව එල්ල වූයේ කොතැනින්දැයි අනාවරණය කර ගත් සැණින් ලස් වේගාස් ‘ස්වොට්’ පොලිස් බළඇණියක් වහා හෝටල කාමරයට කඩා වැදුණේය.

පොලිසිය කළ වෙඩි තැබීම්වලින් වෙඩික්කරු ජීවිතක්ෂයට පත්විය. වෙඩි තැබීම සිදුවූයේ ඇමෙරිකාවේ වේලාවෙන් රාත්රී 10.18 ට පමණ යැයි ද පොලිසිය කියයි.
(රොයිටර්)

