වාහන 69 ක් එක පොදියට හැපිලා



අධික හිම පතනය සහ ගන මීදුම හේතුවෙන් ඇමෙරිකාවේ වර්ජීනියා ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයක මෝටර් රථ 69 ක් එක පොදියට ගැටීමෙන් මහා අනතුරක් සිදුවිය.

අනතුරින් 51 දෙනකු තුවාල ලැබූ අතර ඔවුන් කඩිනමින් රෝහල් ගත කිරීමට වර්ජීනියා ප්‍රාන්ත පොලිස් නිලධාරීහු කටයුතු කළහ. ගන මීදුම සහ මාර්ගය ලිස්සනසුළුවීම අනතුරට හේතුවක් වූ බව ප්‍රාන්ත පොලිස් නිලධාරීහු පවසති.

අනතුර සිදුවූයේ ඊයේ (22) ඇමෙරිකාවේ වේලාවෙන් උදෑසන 7.51 ට පමණය. අනතුර සමඟ අධිවේගී මාර්ගයේ වාහන ගොඩගැසෙද්දී, මාර්ගයට දැඩි හානි සිදුවිය. ඒ අනුව, මාර්ගය මුළුමනින්ම වසා දැමුණි.

එකිනෙක ගැටුණු ඇතැම් වාහන තුළ තුවාල වී සිරවුණු පිරිස් බේරා ගැනීමට ගිනි නිවන භටයන්ගේ සහාය ලබා ගැණුනි. පොඩි මට්ටම් වූ දොරවල් ගලවා ඉනත් කරමින් සහ වාහනවල වහල කපා ඉවත් කරමින් සිරවුණු පිරිස් මුදා ගැනීමට පැය කිහිපයක් ගත වුණු බව ද වාර්තා වේ.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS