මැලේසියාවේ මහ මැතිවරණය ඇරැඹේ

මැලේසියා පාර්ලිමේන්තු මැතිවරණය අද (9) ආරම්භ විය.
දිගටම අගමැති ධුරයේ රැඳී සිටීමට උත්සාහ කරන අගමැති නජාබ් රසාක් ට මෙවර මැතිවරණයේ දී විපක්ෂ නායක ලෙස කටයුතු කරන හිටපු අගමැතිවරයකු ද වන 92 හැවිරිදි මහතීර් මොහොමද් ගෙන් අභියෝගයක් එල්ල වී ඇත.
මහතීර් මොහොමද් 1981 වසරේ සිට 2003 තෙක් කාලයේ මැලේසියාවේ අගමැති ධුරය හෙබවීය. අගමැති ධුරයේ වැඩිම කාලයක් රැඳී සිටි අගමැති ලෙස f මහතීර් මොහොමද් සැළකෙයි. අගමැති නජාබ් රසාක්ට දේශපාලන ගුරුහරුකම් කියා දී ඇත්තේ ඔහුය. මහතීර් මොහොමද් මැලේසියාවේ සිවුවැනි අගමැතිවරයා ලෙස කටයුතු කළේය.
මහතීර් මොහොමද් නායකත්වය දෙන්නේ ‘පකතාන් හරපාන්’ පක්ෂයටය. මහතීර් මොහොමද් පක්ෂ නායකත්වයට පත් වූයේ අගමැති රසීක්ට අභියෝගයක් එල්ල කිරීමේ අරමුණින්ය. ඒ, ඉකුත් ජනවාරි 7 වැනිදාය. අගමැති නජාබ් රසාක් නියෝජනය කරන ‘බර්සියොන් නැසිවුනාල්’ පක්ෂයයි.

මැලේසියාවේ අවසන් වරට මහ මැතිවරණයක් පැවැත්වූයේ 2013 වසරේදීය. එහිදී විපක්ෂ දේශපාලන කණ්ඩායම් කැපී පෙනෙන ලෙස ඉදිරියට පැමිණියත් රජයක් පිහිටුවීමට තරම් ඡන්ද ලබා ගැනීමට නොහැකි විය.
මැලේසියා පාර්ලිමේන්තුව සෙනෙට් මණ්ඩලය සහ නියෝජිත මන්ත්රී මණ්ඩලය ලෙස කොටස් දෙකකි. ආසන 292 කින් සමන්විත සෙනෙට් සාමාජිකයන් ගණන 70 කි. නියෝජිත මන්ත්රී මණ්ඩල සාමාජිකයන් ගණන 222 කි.
(ඒ.එෆ්.පී.)

