මහා බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වෙයි



ලන්ඩන්යේ සුප‍්‍රකට බිග් බෙන් ඔරලෝසු කුලූනේ රාතී‍්‍ර 11 නාද වෙනවාත් සමඟ මහා බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම හෙවත් බ්‍රෙක්සිට් කි‍්‍රයාවලිය සිදුවිය.

ඒ අනුව මහා බි‍්‍රතාන්‍යය සහ යුරෝපා සංගමය අතරේ 47 වසරක් තිස්සේ පැවැති සහයෝගීතාව අවසන් විය. යුරෝපා සංගමයට අයත් සාමාජික රටක්, එයින් ඉවත් වුණු පළමු අවස්ථාව මෙය විය.

මහා බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වූ මොහොතේ දී බි‍්‍රතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් කියා සිටියේ එය ඓතිහාසික අවස්ථාවක් බවත් නව යුගයක ඇරැඹුමක් බවත්ය.

යුරෝපා සංගමයේ සාමාජිකත්වයෙන් ඉවත් වුණු මහා බි‍්‍රතාන්‍යයට මාස 11 සංක‍්‍රාන්ති කාලයක් ලබා දීමට යුරෝපා සංගමය අද (1) සිට කටයුතු කරනු ඇත. සංක‍්‍රාන්ති කාලය හිමිවන්නේ, මහා බි‍්‍රතාන්‍යය මුහුණ දෙන නව වෙනස්කම්වලට ‘හැඩ ගැසීම’ සඳහාය.

සංක‍්‍රාන්ති කාල සීමාව තුළ, අගමැති ජොන්සන් ප‍්‍රමුඛ රජය, යුරෝපා සංගමය සමඟ ක්ෂේත‍්‍ර ගණනාවක් සම්බන්ධයෙන් එකඟතා ඇති කර ගැනීමට නියමිතය. ඒ, අතරින් මහා බි‍්‍රතාන්‍යය සහ යුරෝපා සංගමය අතර අලූතින් ආරම්භ වන වෙළෙඳ ගිවිසුම් කැපී පෙනෙනු ඇතැයි පැවැසෙයි.

යුරෝපා සංගමයේ සාමාජිකත්වයෙන් ඉවත්වීමෙන් පසු, යුරෝපා සංගමය සමඟ ගිවිසුම් ඇති කර ගැනීම අගමැති ජොන්සන් ප‍්‍රමුඛ රජයට විශාල අභියෝගයක් වනු ඇතැයි ද බි‍්‍රතාන්‍ය දේශපාලන විශ්ලේෂකයෝ පැහැදිලි කරති.

මහා බි‍්‍රතාන්‍යයේ සිටින යුරෝපා සංගමයට අයත් රටවල වැසියන්ට දිගටම මහා බි‍්‍රතාන්‍යයේ රැුඳී සිටීමට අවශ්‍ය නම් ඒ සඳහා යළි ඉල්ලූම් කළ යුතු වෙයි. මේ සම්බන්ධයෙන් අගමැති ජොන්සන්,  යුරෝපා සංගමය සමඟ එකඟතාවක් ඇති කර ගත්තොත්, එම වැසියන්ට ඉල්ලූම් පත් ඉදිරිපත් කිරීමට 2021 ජූනි 30 දක්වා කල් හිමිවෙයි. ගිවිසුමක් ඇති කර නොගත්තොත්, එම වැසියන්ට මෙම 2020 දෙසැම්බර් 31 වැනිදාට පෙර ඉල්ලූම් පත් ඉදිරිපත් කිරීමට සිදුවනු ඇතැයි ද පැවැසෙයි.

මහා බි‍්‍රතාන්‍යය හෙවත් එක්සත් රාජධානිය යනු එංගලන්තය, ස්කොට්ලන්තය, වේල්සය සහ උතුරු අයර්ලන්තයයි. මහා බි‍්‍රතාන්‍යයේ වැසියන් යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතු යැයි තීරණය කළේ මීට වසර 3 කට පෙර, එනම් 2016 දී පැවැති ජනමත විමසුමේදී ය. එම අවස්ථාවේදී බි‍්‍රතාන්‍ය අගමැති ධුරය හෙබවූයේ කොන්සවටිව් පක්ෂ නායක ඬේවිඞ් කැමරන් ය.

ජනමත විමසුම පැවැත්වීමට සූදානම් වෙද්දී, බි‍්‍රතාන්‍ය අගමැති කැමරන් බි‍්‍රතාන්‍ය වැසියන්ට තරයේ කතියා සිටියේ, යුරෝපා සංගමයෙන් ඉවත් නොවිය යුතු බවත්, යුරෝපා සංගමය සමඟ එක් වී සිටීම, මහා බි‍්‍රතාන්‍යයට ශක්තියක් බවත්ය. කෙසේ නමුත් බි‍්‍රතාන්‍ය ජනතාව තීරණය කළේ යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතු බවය. ඒ අනුව කැමරන් ද අගමැති පක්ෂ නායකත්වයෙන් සහ අගමැති ධුරයෙන් ඉවත් විය. බි‍්‍රතාන්‍යයේ අගමැති ධුරය හිමිවන්නේ, පාලක පක්ෂයේ නායකත්වය හිමි වන තැනැත්තාටය.

බ්‍රෙක්සිට් කි‍්‍රයාවලිය මහා බි‍්‍රතාන්‍යයට අභියෝගයක් වූ අතර, කැමරන්ගේ ඉවත්වීමෙන් පසු පාලක කොන්සවටිව් පක්ෂයේ නායකයා වූයේ තෙරේසා මේ ය. අගමැතිනී තෙරේසා මේ ට ද බ්‍රෙක්සිට් කි‍්‍රයාවලිය සම්පූර්ණ කළ නොහැකි විය. තෙරේසා මේ මහ මැතිවරණයක් ද පැවැත්වූවාය. මහ මැතිවරණයෙන් පැහැදිලි ජනවරමක් හිමිවුවත්, අවශ්‍ය පරිදි බ්‍රෙක්සිට් කි‍්‍රයාවලිය සම්පූර්ණ කිරීමට ඇයට නොහැකි විය. අවසානයේ දී තෙරේසා මේ ට පක්ෂ නායකත්වය අහිමි විය.

ඉන්පසු පක්ෂ නායකත්වයටත් අගමැති ධුරයටත් පත් වූයේ බොරිස් ජොන්සන් ය. අගමැති ජොන්සන්, බ්‍රෙක්සිට් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ කිසිදු යෝජනාවක් පාර්ලිමේන්තුවේදී සම්මත නොවිණි.

ඒ අනුව, මහා බි‍්‍රතාන්‍යයේ යළිත් වරක් පසුගිය දෙසැම්බරයේ 12 වැනිදා මහ මැතිවරණයක් පැවැත්වීය. එහිදී අගමැති ජොන්සන් සහ ඔහුගේ පාලක කොන්සවටිව් පක්ෂයට අති විශිෂ්ට ජයක් හිමිවිය. ප‍්‍රධාන විපක්ෂය වන කම්කරු පක්ෂය වසර ගණනාකට පසු ප‍්‍රබල ලෙස පරාජය විය.

ලැබූ ජයග‍්‍රහණයෙන් පසු, සකස් කළ බ්‍රෙක්සිට් යෝජනාව පහසුවෙන් සම්මත කර ගැනීමට අගමැති ජොන්සන්ට හැකිවිය. බි‍්‍රතාන්‍යයේ දෙවැනි එලිසබත් මහ රැුජිනගේ අනුමැතිය ද ඊට හිමිවිය. බ්‍රෙක්සිට් කි‍්‍රයාවලිය පහසුවෙන් සම්පූර්ණ කිරීමට අගමැති ජොන්සන්ට හැකිවූයේ ඒ අනුවය.

ලන්ඩනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS