පැරීසියේ 77 වැනි නිදහස් සැමරුම



ශ්‍රී ලංකාවට නිදහස ලැබී 2025 පෙබරවාරී 04 වෙනිදාාට වසර 77 කි. ඒ වෙනුවෙන් ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සංවිධානත්වයෙන් ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති මනීෂා ගුණසේකර මැතිනියගේ ප්‍රධානත්වයෙන් හා තානාපති කාර්ය මණ්ඩලය ද, සියලුම ආගම් හි පූජ්‍ය පක්ෂයේත්, පැරීසියේ ක්‍රියාශීලී, සංවිධානයන් හි නිලධාරීන් ශ්‍රී ලාංකික සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ආරාධිතයන්ගෙන් හා පැරිස් කළාප අංක17 හි  නගරාධිපති රිපබ්ලිකන් පාක්ෂික ජෙෆ්රි බුලාර්ඩ් මහතා එහි ප්‍රධාන ලේකම් යන සම්භාවනීය පිරිසකගේ සහභාගිත්වයෙන් ‘ජාතික පුනරුදයට පෙළගැසෙමු’ යන තේමාව මුල්කර ගනිමින් අලංකාර අභිමානවත් චාම් නිදහස් උත්සවයක් පසුගිය 04 වෙනිදා පැරීසියේ කළාප අංක 17 හි නගර ශාලාවේ නැසීගිය හිටපු ජනධිපති ජැක් සිරාක්ගේ නමින් නම් කර ඇති පලමු මහලේ ජැක්සිරාක් ශාලාවේදී පැවැත්විණි.

ප්‍රංශයේ ප්‍රධාන සංඝ නායක ලා බුර්ජේ ජාත්‍යයන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පූජ්‍ය පරවාහැර චන්ද්‍රරතන හිමියන් පැරිසියේ ධම්මචක්ක බෞද්ධ විහාරයේ විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය කෝන්ගස්දෙනියේ ආනන්ද හිමියන්, ආචාර්්‍යය පූජ්‍ය කිරින්දේ ප්‍රේමසිරි හිමියන් නීස් බෞද්ධ විහාරාධිපති මාපලගම ජිනානන්ද හිමි ලාබුර්ජේ විහාරවාසී රාහුල හිමියන් විසින් සිදුකළ බෞද්ධාගමික වතාවත්වලින් පසු අනෙක් ආගම් හි පුජා මෙහෙයන් එම පූජකවරුන් වන ලංකා අප ස්වාමි දූගේ කතෝලික සංඝයේ ගරු උපාධ්‍ය දිනේෂ් කීර්ති පියතුමන්, හින්දු ආගමික සිවනාදන් සිවපාලේන්ද්‍රන් ගුරුක්කල් තුමා හා ඉස්ළාම් ආගමික මොහොමඩ් නවාස්මලවි තුමා විසින් ගෞරවනීය ලෙස සිදු කලේය. ඉනික්බිතිව පොල්තෙල් පහන දැල්වීම, ජාතික ධජය එසවීම, විරුවන් සැමරීම, ජාතික ගී හඬ මැද ඇරඹුනු ජාතික නිදහස් උත්සවසභාවට ශ්‍රී ලංකා ජන රජයේ ජනාධිපති තුමාගේ, අගමැතිනියගේ, විදේශ ඇමති තුමාගේ නිදහස් දින පණිවුඩයන් ශ්‍රී ලාංකික සියලුම භාෂාවලින් සභාවටදැන්වීය. 

අනතුරුව තානාපති තුමියගේ නිදහස් සැමරුම් දේශනයද ඉන්පසු පැරීසියේ තිසරාවී කලායතනය, තාල කලායතනයේ ශ්‍රීලාංකික අනන්‍යතාවය විදහා දක්වන දේශීය උඩරට නර්තන, ශ්‍රී ඩේසී කලායතනය, පැරීසියේ දමිල විද්‍යා කලායතනය විසින් ඉදිරිපත් කල අලංකාර සංස්කෘතික නර්ථන ප්‍රසංගයක් ද පැරීසියේ තානාපති කාර්යාලයේ නිලධාරී මණ්ඩලය විසින් ඉදිරිපත් කළ දේශාභිමාණීය ගී එකතුවකින් ද නිදහස් සැමරුම් වේදිකාව වර්ණවත් වුයේය.

අනතුරුව සහභාගී වූ සියලු දෙනාටම කැවුම්, කොකිස්, කිරිබත් ප්‍රධාන රසවත් දිවා භෝජන සංග්‍රහායක් ද පැවැත්වුයේය. සිංහල, දමිළ, මුස්ලිම්, බර්ගර් ශ්‍රී ලාංකිකයෝ විශාල පිරිසක් මෙම නිදහස් සැමරුම් උත්සවයට සහභාගි වූවෝය.


සුනිල් ආනන්ද පැරීසියේ සිට


RECOMMEND POSTS