පාප්තුමාගේ නත්තල් පණිවුඩය

වතිකානයේ ශාන්ත පීටර් බැසිලිකාවේ සාම්ප්රදායික නත්තල් දේව මෙහෙය ඊයේ (නත්තල් දා) අති උතුම් ශුද්ධෝත්තම ෆ්රැන්සිස් පාප්තුමන්ගේ ප්රධානත්වයෙන් පැවැත්විණි.
එහිදී ලෝකවාසීන්ට ආශිර්වාද කරමින් පාප්තුමෝ නත්තල් පණිවුඩය ඉදිරිපත් කළේය. ‘සරලව ජීවත් වන ලෙසත්, දුප්පත් පොහොසත් භේදය නැති කිරීමට සැවොම එක් විය යුතු බවත්, එකිනෙකාට ආදරය කරමින් සාමයෙන් ජීවත් විය යුතු බවත් 82 හැවිරිදි ෆ්රැන්සිස් පාප්තුමෝ අවධාරණය කළහ.
නත්තල් දින දේව මෙහෙයට 10,000 කට වැඩි කිතුනු බැතිමත්හු පිරිසක් වතිකානයට රැස්ව සිටි බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
(ඒ.එෆ්.පී.)

