නිව්යෝක් පදිකයන්ට ත්‍රස්ත ප්‍රහාරයක්

ඇමෙරිකාවේ නිව්යෝක් නුවර පහළ මැන්හැටන් ප්‍රදේශයේ මාර්ගයක පා පැදිකරුවන් වෙනුවෙන් වෙන්කර තිබුණු මංතීරුවකට පික් අප් වර්යේ සුදු පැහැති කැබ් රථයක් කඩා වැදී, පිරිස් යට කිරීමෙන් අට දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. 11 දෙනෙක් බරපතළ ලෙස තුවාල ලැබූහ.
එය ත්‍රස්ත ප්‍රහාරයක් බව සැක කෙරේ. පා පාදිකරුවන් සහ පදිකයන් යට කිරීමෙන් පසු පික් අප් රියැදුරු පැන යෑමට තැත් කළ ද පොලිසිය වහා ක්‍රියාත්මක වී වෙඩි තබා ඔහු අල්ලා ගත්තේය.

රියැදුරා 29 හැවිරිදි සෙයිෆුලෝ සායිපෝයි නමැත්තා බවත්, ඔහු සංක්‍රමණිකයකු ලෙස 2010 වසරේ දී ඇමෙරිකාවට පැමිණ ෆ්ලොරීඩාහි පදිංචිව සිට ඇති බවත් එෆ්.බී.අයි. පරීක්ෂණවලින් හෙළි වී ඇත. මෙම පුද්ගලයා උස්බෙකිස්තානයෙන් පැමිණි අයකු බව ද පැවැසෙයි.
ඔහු ට්‍රක් රියෙන් බසිද්දී තුවක්කුයක් තිබුණු බව පොලිසිය කියයි. අල්ලාහු අක්බාර් (අල්ලාහ් ශ්‍රෙෂ්ඨයි) කියමින් ඔහු කෑ කෝ ගසන්න විය. පොලිසිය වෙඩි තබා ඇත්තේ එම අවස්ථාවේදීය. එය තීන්ත විදින තුවක්කුවක් බව පසුව හඳුනා ගැණින.
(රොයිටර්)

