දෙවියන්ගේ ආදරේ අඩුවක් නෑ



තරාතිරම කුමක් වුවත්, දෙවියන් වහන්සේ ඔබට දක්වන ආදරයේ කිසිදු අඩුවක් වන්නේ නැතැයි වතිකානයේ ශාන්ත පීටර්ස් බැසිලිකාවේ නත්තල් දින දේව මෙහෙය පවත්වමින් ශුද්ධොත්තම ෆ්‍රැන්සිස් පාප්තුමෝ  පැවැසූහ.

ශාන්ත පීටර්ස් බැසිලිකාවේ පැවැති සාම්ප්‍රදායික නත්තල් දේව මෙහෙයට මෙවර ද දහස් ගණනක් කිතුනු බැතිමත්හු සහභාගී වූහ.

‘ඔබට ජීවිතේ වැරදීම් වෙලා ඇති. ඔබ වැරදීම් කරලා ඇති. ඒ මොනවා වුණත් දෙවියන් ඔබට ආදරෙයි. දෙවියන්ගේ ආදරේ කිසිම අවස්ථාවක අඩු වැඩි වෙන්නේ නැහැ. වෙනස් වෙන්නේ නැහැ.’ යැයි රැස්ව සිටි පිරිස සහ ලෝකවාසී කිතුනු බැතිමතුම් අමතමින් පාප්තුමෝ කියා සිටියහ.

වතිකානයේදීය (රොයිටර්)


RECOMMEND POSTS