ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය සම්මතයි

චෝදනා දෙකක් මුල්කොට ගනිමින්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට එරෙහිව, එරට පාර්ලිමේන්තුවේ (කොංග්රස් මන්ඩලයේ) නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට ඊයේ (18) ඉදිරිපත් වූ දෝෂාභියෝගය සම්මත වූයේ ට්‍රම්ප්ට එරෙහිවය.
එලැඹෙන 2020 වසරේ ඇමෙරිකන් ජනාධිපතිවරණය පැවැත්වෙයි. සිය දෙවැනි සහ අවසන් ධුර කාලය වෙනුවෙන් ට්‍රම්ප්, රිපබ්ලිකන් පක්ෂයෙන් ඊට ඉදිරිපත් වීමට නියමිතය. ප්‍රතිවාදී ඩිමොක්රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයා තවමත් තීරණය වී නැති අතර, මේ මොහොත වෙද්දී අපේක්ෂකයෝ කිහිප දෙනෙක් මැතිවරණ කටයුතුවල නියැළෙති. අවසන් අපේක්ෂකයා තීරණය කරන්නේ ඩිමොක්රටික් පක්ෂ අභ්‍යන්තරයේ පැවැත්වෙන ඡන්දය විමසුමකිනි.
ට්‍රම්ප්ට අභියෝගයක් විය හැකි යැයි පැවැසෙන ඩිමොක්රටික් අපේක්ෂකයා වන්නේ ජෝ බයිඩන් ය. ඔබාමා පරිපාලනය පැවැති සමයේ ඇමෙරිකා උප ජනාධිපති ලෙස කටයුතු කළේ බයිඩන්ය. බයිඩන් උප ජනාධිපති ධුරය හොබවද්දී, ඔහුගේ පුතු හන්ටර් බයිඩන්, යුක්රේන තෙල් සහ වායු සමාගමක අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිනයෙක් විය. මෙම සමාගමට මූල්‍ය වංචා චෝදනා එල්ල වූ අතර එවකට පැවැති යුක්රේන රජය එම චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් ඇරැඹීය. එම විමර්ශනයට ජෝ බයිඩන් හරස් වුණු බය පැවැසෙයි.

වර්තමානයේ යුක්රේනයේ ජනාධිපතිවරයා ව්ලොදිමීර් සෙලෙන්ස්කි ය. මොහු ජනපති ධුරයට පත් වූයේ පසුගිය ජූලි මාසයේ ය. නව ජනපති සෙලෙන්ස්කි ට සුබ පැතීමට, ඇමෙරිකන් ජනපති ට්‍රම්ප් ඔහු ඇමතුවේ පසුගිය ජූලි 25 වැනිදාය. එහිදී ට්‍රම්ප් යුක්රේන ජනාධිපතිට කියා සිටියේ, ජෝ බයිඩන් සිදු කළැයි පැවැසෙන ‘බලපෑම්’ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙසය. එසේ විමර්ශනයක් පවත්වන්නේ නැතිනම් ඇමෙරිකාව යුක්රේනයට ලැබෙන ආධාර මුදල් නවත්වනවා යැයි ට්‍රම්ප් යුක්රේන ජනපතිවරයාට තර්ජනය කළේය.
පෞද්ගලික මට්ටමින් සිදුවුණු එම දුරකතන කතාබහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට අනාවරණය කළේ ධවල මන්දිරයට අනුයුක්තව සේවය කළ සී.අයි.ඒ. බුද්ධි නිලධාරියෙකි. නියෝජිත මන්ත්‍රී මණ්ඩල කතා නායිකා නැන්සි පෙලෝසි, ට්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ආවේ ඒ අනුවය. ඒ, ට්‍රම්ප් ජනපති බලතල අනිසි ලෙස භාවිත කිරීම සහ කොංග්රස් මණ්ඩලයට එරෙහිව යෑම යන චෝදනා දෙක මුල් කොට ගනිමිනි.
ඇමෙරිකානු ව්‍යවස්ථාවට අනුව, එරට ජනාධිපතිවරයා හෝ රාජ්‍ය නිලධාරියකු හෝ ධුරයෙන් ඉවත් කිරීමේ පළමු පියවර වන්නේ දෝෂාභියෝගයයි. එසේ දෝෂාභියෝගයක් ගෙන ඒමට හැකිවන්නේ දේශද්‍රෝහී ක්‍රියා, අල්ලස් ගැනීම් සහ අනෙක් ප්‍රධාන පෙළේ අපරාධ සම්බන්ධයෙනි. දෝෂාභියෝගය චෝදනා පත්රයකි. එය දීර්ග අධිකරණ ක්‍රියාවලියක පළමු පියවර ය. දෝෂාභියෝගයට අදාල සියලු කටයුතු කොංග්රස් මණ්ඩලයේ දී සිදුවන අතර, එය ආරම්භ වන්නේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයෙනි.
ඇමෙරිකාවේ පාර්ලිමේන්තුව හැඳින්වෙන්නේ ‘ඇමෙරිකා එක්සත් ජනපද කොංග්රස් මණ්ඩලය’ යනුවෙනි. කොංග්රස් මණ්ඩලය නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින් සහ සෙනෙට් මණ්ඩලයකින් සමන්විතය. මේවනවිට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතර බලය ඇත්තේ ප්‍රතිවාදී ඩිමොක්රටික් පාක්ෂිකයන් සතුව ය. සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයේ බහුතර බලය ඇත්තේ ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂය සතුව ය.
නියෝජිත මන්ත්‍රී මණ්ඩල කතා නායිකාව ට්‍රම්ප්ට එරෙහිව චෝදනා ඉදිරිපත් කළ අවස්ථාවේදී, දෝෂාභියෝග යෝජනාවලිය සකස් කෙරුණි. නියෝජිත මන්ත්‍රී මණ්ඩල සාමාජිකයන්ගෙන් සැදුම්ලත් විශේෂ විනිසුරු මඬුල්ලක් හමුවේ චෝදනා විභාගයට ගැණින. ට්‍රම්ප් සහ යුක්රේන ජනාධිපතිවරයා අතරේ පැවැති දුරකතන සංවාදයට සම්බන්ධ පාර්ශ්ව, මෙම විනිසුරු මඬුල්ල හමුවට කැඳවුණු අතර, සාක්ෂි සටහන් කිරීම ඒ අනුව සිදුවිය. ජනපති ට්‍රම්ප්ට ද විනිසුරු මඬුල්ල හමුවට කැඳවිණි. කෙසේ නමුත්, තමන් වරදක් නොකළ බව පවසමින්, නීතීඥවරුන්ගේ උපදෙස් මත ට්‍රම්ප් විනිසුරු මඬුල්ල හමුවේ පෙනී සිටියේ නැත. චෝදනා සම්බන්ධයෙන් ට්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ආ හැකි බව විනිසුරු මඬුල්ලේ අවසන් නිගමනය විය.
ඒ අනුව, චෝදනා සම්බන්ධයෙන් ට්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ආ හැකි බව විනිසුරු මඬුල්ලේ අවසන් නිගමනය විය. පසුගිය 18 වැනිදා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ඡන්ද විමසුම පැවැත්විණි. එහිදී ජනපති ට්‍රම්ප් සිය බලතල අනිසි ලෙස භාවිත කළේ යැයි යන චෝදනාවට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ 228 ක් ඡන්දය දුන්හ. මෙම 228 දෙනා ප්‍රතිවාදී ඩිමොක්රටික් පාක්ෂිකයන් ය. විරෝධය දැක්වූ 195 දෙනා රිපබ්ලිකන් පාක්ෂිකයන් ය. ට්‍රම්ප් කොංග්රස් මණ්ඩලයට එරෙහි වූයේ යැයි යන චෝදනාව සම්බන්ධයෙන් 229 ක් පක්ෂව ඡන්දය දුන් අතර විරෝධය දැක්වූටේ 197 ක් පමණි. මෙහිදී ද ට්‍රම්ප්ට එරෙහි වූයේ ඩිමොක්රටික් පාක්ෂිකයන් ය. ට්‍රම්ප්ට සහාය දැක්වූයේ ඔහුගේ රිපබ්ලිකන් පාක්ෂිකයන් ය.
නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ඡන්ද විමසුමෙන් පමණක් ට්‍රම්ප්ට ධුරය අහිමි නොවෙයි. මෙය දෝෂාභියෝග ක්‍රියාවලියේ පළමු පියවරය. දෝෂාභියෝග ක්‍රියාවලියේ මීළඟ පියවර ඉන්පසු ඇරැඹෙන්නේ සෙනට් මණ්ඩලය හමුවේය. එය නඩු විභාගයක් වැනිය. සෙනෙට් මණ්ඩල සාමාජිකයන් කණ්ඩායමක් පැමිණිල්ලේ නීතීඥවරුන් ලෙස ක්‍රියා කරයි. ජනපති ට්‍රම්ප් ඔහුගේ නීතීඥවරුන් හරහා නඩු විභාගයට පෙනී සිටිනු ඇත. නඩු විභාගය පැවැත්වෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය සහ අගවිනිසුරුවරයාගේ අධීක්ෂණය යටතේය. සෙනෙට් මණ්ඩලයේ සෙසු සාමාජිකයන් නඩු විභාගය අසා සිටින අතර, සාක්ෂි ඉදිරිපත් කිරීම් අනතුරුව ඔවුහු ඡන්දය දෙති.
මෙම ඡන්ද විමසුමේදී දෝෂාභියෝගයට පක්ෂව වැඩි ඡන්ද හිමිවුවහොත් ජනපති ට්‍රම්ප්ට ජනපති ධුරය අහිමි වෙයි. කෙසේ නමුත්, සෙනෙට් මණ්ඩලයේ බහුතර බලය රිපබ්ලිකන්වරුන් සතුව පවතින බැවින්, දෝෂාභියෝගය සෙනෙට් මණ්ඩලයට ඉදිරිපත් කර නඩු විභාගය පවත්වා ඡන්ද විමසුමක් පවත්වද්දී සෙනෙට් මණ්ඩලයේ රිපබ්ලිකන්වරුන් ට්‍රම්ප්ට සහාය ට්‍රම්ප්ට හිමිවනු ඇත. ඒ අනුව, ට්‍රම්ප්ට දෝෂාභියෝගය පරාජය කිරීමටත්, දිගටම ධුරයේ රැඳී සිටීමටත් හැකි වනු ඇති බව ඇමෙරිකන් දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
ලුසිත ජයමාන්න
ඒ.එෆ්.පී ඇසුරිනි

