ජාතික රෝහලේ කාර්ය මණ්ඩලයට එන්නත ලැබේ



ඉන්දීය රජය ප්‍රදානය කළ, ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනකා කොවිෂීල්ඩ් කොරෝනා මර්දන එන්නත කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලයට එන්නත් කිරීම අද (29) උදෑසන ආරම්භ විය.

මෙම අවස්ථාවට ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්ලිව්. ඩී. වික්‍රමසිංහ මහතා ඇතුළු කාර්ය මණ්ඩලය, ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ විශේෂ නියෝජිත වෛද්‍ය රාකේෂ් පාණ්ඩේ, විවේක් ෂර්මා යන මහත්වරු ද එක්ව සිටියහ.

ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය වික්‍රමසිංහ මහතා පැවසුවේ කොළඹ ජාතික රෝහලේ සමස්ත කාර්ය මණ්ඩලයට ම තෙදිනකදී මෙම එන්නත ලබාදීමට කටයුතු කරන බවය.

එන්නත්කරණ වැඩසටහනේ ප්‍රධාන උත්සවය පැවැත්වූයේ ජාතික බෝවන රෝග විද්‍යායතනය හෙවත් අයිඩීඑච් රෝහලේදීය. එහිදී එන්නත ලබාගත් පළමු තැනැත්තා වූයේ එම රෝහලේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතාය.

සටහන සහ ඡායාරූප
රොමේෂ් ධනුෂ්ක සිල්වා

RECOMMEND POSTS