ගඩාෆි පුතුට නිදහස

බලයෙන් නෙරපා, මරා දැමුණු ලිබියානු හිටපු නායක කර්නල් මුවම්මාර් ගඩාෆිගේ දෙවැනි පුතු සයිෆ් අල් ඉස්ලාම් ගඩාෆිට පොදු සමාවක් යටතේ නිදහස හිමිවී ඇත.
කර්නල් මුවම්මාර් ගඩාෆිගෙන් පසු ඔහුගේ අනුප්‍රාප්තිකයා වීමට නියමිතව සිටියේ සයිෆ් අල් ඉස්ලාම් ගඩාෆිය.
පසුගිය සය වසරක කාලය පුරාවට ලිබියානු කැරැල්ලට සම්බන්ධ වුණු සන්නද්ධ කැරැලිකරුවන්ගේ ග්‍රහණයේ සයිෆ් අල් ඉස්ලාම්පසුවුණු බවත් ඔහු සිරගත කර තැබුණේ සින්ටාන් නුවර බවත් ලිබියානු මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
ගඩාෆි පුතු නිදහස ලැබීමෙන් පසු සින්ටාන් නුවරින් පිටව ගිය බවත්, නිදහස ලැබීමෙන් පසු ඔහු ප්‍රසිද්ධියේ පෙනී සිටීමෙන් වැළැකී සිටින බවත්ය. ඔහු බයිඩා නුවර ඔහුගේ පවුලේ ඥාතීන් සමඟ සිටින බව ද දැනගන්න ලැබේ.
සටන්කාමීන් කණ්ඩායම සයිෆ් අල් ඉස්ලාම් ගඩාෆි නිදහස් කරනු ලැබ ඇත්තේ බටහිර රටවල අනුග්‍රහයෙන් පිහිටුවූ ලිබියානු අන්තර් පාලන රජයේ නියෝගය අනුව යැයි ද වාර්තා වේ.
(රොයිටර්)

