කොරෝනා හැදෙන හැමෝම මැරෙන්නේ නෑ

චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරින් ඇරැඹුණු නව කොරෝනා වයිරසය හේතුවෙන් අද (30) වනවිට 170 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇති නමුත්, රෝහල් ගත කළ රෝගීන් 133 දෙනකු සම්පූර්ණයෙන් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇතැයි ද චීන සෞඛ්‍ය බලධාරීහු පවසති.
තවමත් රෝහල්වල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 7,711 කි.
වයිරසය මේ වනවිට චීනය පුරා පැතිර ගොස් ඇත. වැඩිම මරණ සහ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ද හුබෙයි පළාතෙනි.
අද (30) වෙද්දී, හුබෙයි පළාතේ රෝගීන් ගණන 4,586 කි. මරණ වාර්තා වූයේ 162 ක් ලෙසිනි. හුබෙයි පළාතේ වයිරසය ආසාදනය වුණු 96 දෙනකු සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව ද වාර්තා වේ.
‘නව කොරෝනා වයිරසය පහසුවෙන් පැතිරෙනවා. ඒ ගැන බය වෙන්න ඕනෑ. ආරක්ෂාවීමට පියවර ගැනීම කළ යුතුයි. නමුත් කොරෝනා වයිරසය ආසාදිත හැමෝම මැරෙන්නේ නැහැ. ඒ ගැන බිය වෙන්න ඕනෑ නෑ. ප්‍රතිශක්තිකරණය අඩු පුද්ගලයන්, වයස අවුරුදු 2 ට අඩු දරුවන් පමණක් නොවෙයි, ගැබිනි මවුවරුන්ට, අවුරුදු 65 වැඩි පුද්ගලයන්ට වැඩි අවදානමක් පවතිනවා. මියගිය බොහෝ දෙනා මෙම කාණ්ඩයට අයත් අය බව පැහැදිලියි’ යැයි චීන සෞඛ්‍ය අමත්‍යාංශ බලධාරීහු පෙන්වා දෙති.
බීජීංහිදීය (ඒ.එෆ්.පී.)

