එන්නතක් අත්හදා බලයි



‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයට එරෙහි නව එන්තක් අත්හදා බැලීම අද (17) සිදුවිය.

ඇමෙරිකන් වෛද්‍ය පර්යේෂකයන් ඔවුන් විසින් නිපදවනු ලැබූ පර්යේෂණ මට්ටමේ පවතින එම නව එන්නත ලබා දුන්නේ ස්වේච්ඡාවෙන් එන්නත ලබා ගැනීමට කැමැත්ත පළ කළ ඇමෙරිකාවේ කොරෝනා ආසාදිතයන් සිවු දෙනකුටය.

නව එන්නත නිර්මාණය කර ඇත්තේ වොෂින්ටනයේ ‘කයිසර්’ වෛද්‍ය පර්යේෂණ ආයතනයයි. ‘කෝවිඞ් 19’ වයිරසය චීනයෙන් ව්‍යාප්තවීම ආරම්භ වූ දිනයේ පටන් ඊට එරෙහිව ප්‍රතිකර්මයක් සෙවීමට මෙම වෛද්‍ය පර්යේෂණ ආයතනය යුහුසුළු විය.

ලබා දුන් එන්නත සාර්ථක වුවහොත්, එය හැකි ඉක්මනින් ලොව පුරා වයිරස ආසාදිතයන්ට ලබා දීමට සලස්වන බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ විද්‍යාඥ ආචාර්ය ලීසා ජැක්සන් මාධ්‍ය හමුවේ පවසා ඇත.

ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුණු වයිරස ආසදිතයන්ට එන්නත ලබාදීම සිදුවූයේ ඇමෙරිකානු මාධ්‍යවේදීන්ගේ ද නිරීක්ෂණය යටතේය. මාධ්‍යවේදීන් විශේෂ ආරක්ෂිත ඇඳුමින් සැරැසී එම අවස්ථාවට සහභාගී වූ බව වාර්තා වේ.

පළමුවෙන් එන්නත ලබා ගත්තේ සියැටල් හි පදිංචි කොරෝනා ආසාදිත කාන්තාවක වන 43 හැවිරිදි ජෙනිෆර් හැලර් යැයි ද පැවැසෙයි.

එන්නත ලබා දුන් සිවු දෙනා සම්බන්ධයෙන් පැය 24 ක් විමසිල්ලෙන් පසුවන බවත්, ඔවුන්ය සංකූලතා ඇතිවුවහොත් වහා අවහ්‍ය ප්‍රතිකාර ලබා දීමට සූදානමින් පසුවන බවත් ආචාර්ය ලීසා ජැක්සන් ප්‍රමුඛ වෛද්‍යවරු මාධ්‍ය හමුවේ පැහැදිලි කළහ.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS