අප්‍රිකාවෙනුත් මාරක වයිරසයක්



චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරින් නව කොරෝනා වයිරසයක් ලොව පුරා පැතිරෙද්දී, ඉබෝලා වයිරසය මෙන් බිහිසුණු ‘ලස්සා’ වයිරසය බටහිර අප්‍රිකාවේ නයිජීරියාව පුරා පැතිරෙමින් පවතින බව එරට සෞඛ්‍ය බලධාරීහු පවසා ඇත.

පසුගිය 26 වැනිදා වනවිට ‘ලස්සා’ වයිරසය ආසාදනය වී මියගිය ගණන 29 ක් යැයි පැවැසෙයි. ඒ, නයිජීරියාවේ ප්‍රාන්ත 11 කිනි. වයිරසය පැතිරීම ආරම්භ වී ඇත්තේ 24 වැනිදාය. වයිරසය හේතුවෙන් රෝගී වූ ගණන 150 තෙක් ඉහළ ගොස් ඇතැයි නයිජීරියා රජය පවසා ඇත.

‘ලස්සා’ කොරෝනා පවුලට අයත් වයිරසයක් නොවෙයි. මෙය අයත් වන්නේ ‘ඉබෝලා‘ සහ ‘මර්බර්ග්’ නමැති මාරක වයිරස අයත් වයිරස පවුලටය. ‘ලස්සා’ වයිරසය අප්‍රිකාවෙන් පළමුවෙන් හඳුනා ගැණුනේ 1969 වසරෙනි.

අබූජාහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS