අගමැතිනියගේ ප්‍රංශ සංචාරය



අනුරාධපුර පෞරාණික පූජනීය නගරයේ ලෝක උරුමය ආරක්ෂා කිරීම සඳහා ඒකාබද්ධ හා තිරසාර ප්‍රවේශයක් සහිත ඒ ජීවන උරුමයන් සංරක්ෂණය කොට අවශ්‍යය තිරසාර උපාය මාර්ග සාකච්ජා කිරීම හා ඊට සමගාමීව ඒ සඳහා වූ විශේෂඥ කමිටුවකගේ සහභාගිත්වයෙන් පැරීසියේ පිහිටි යුනේස්කෝ මූලස්ථානයේදී ප්‍රංශයේ ශ්‍රීලංකා තානාපති කාර්යාලයේ හා යුනෙස්කෝවේ සංවිධානත්වයෙන් විශේෂ සමුළුවක් පැවැත් වූයේය.

එහිදී ජාත්‍යයන්තර යුනෙස්කෝ ආයතනයේ අධ්‍යක්ෂක ජනරාල් ඕඩ්රි අශුලේ මහත්මිය, ශ්‍රීලංකා ජනරජයේ අගමැතිනිය ආචාර්ය හරිනි අමරසූරිය මැතිනිය, ප්‍රංශයේ ශ්‍රීලංකා තානාපතිනිය මහීෂා ගුනසේකර මහත්මිය ශ්‍රීලංකාවේ බුද්ධ ශාෂන ආගමික හා සංස්කෘතික කටයුතු ඇමති ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ඉහත විශේෂ සමුළුවට යුනෙස්කෝ තානාපතිවරුන් පැරීසියේ වැඩ වාසය කරන බෞද්ධ භික්ෂූන් වහන්සේලා ඇතුළු විශාල පිරිසක් සහභාගිවී සිටියයෝය. ඒ අතරතුර ප්‍රංශයේ කීර්තිමත් විශ්ව විද්‍යාලයක් වන සයන්ස් ෆෝ හී උසස් අධ්‍යාපනය හදාාරන සිසුන් සදහා විශේෂ දේශනයකටද සහභාගි වීමට අවස්ථාව ලැබුනේය.

ඉන් අනතුරුව සාගර සංරක්ෂණය කිරීමේ අභියෝග සාකච්ජා කිරීම සඳහා විද්‍යාඥයින්, රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයින්, හා ඒ සඳහා කැපවූ පාර්ශව කරුවන් එක් රැස්වී පැවැත්වූ එස්.ඕ.එස් ඕසන් නමින් හදුන්වන එක්සත් ජාතීන්ගේ සාගර සමුළුවක්ද පසුගියදාා පැරීසියේදී පැවැත්වූ අතර ඒ සඳහා ශ්‍රීලංකා අගමැතිනිය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියටද සමුළුව ඇමතීමට ඇරයුම් ලබා තිබුනි. එහිදී ප්‍රංශයේ ජනාධිපති එම්මානුවෙල් මැක්රොන් මහතා, ප්‍රංශයේ හිටපු අගමැතිනිය වර්තමාන අධ්‍යාපන උසස් අධ්‍යාපන හා විද්‍යා පර්යේෂණ කටයුතු පිලිබඳ ඇමැති එලිසබෙත් බෝර්න් මහත්මිය, මොනාකෝ රාජ්‍යයේ දෙවන ඇල්බට් කුමරු, චිලියේ හිටපු ජනාධිපති හා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ හිටපු කොමසාරිස් මිචෙල් බැච්ලේ මහත්මිය, යුරෝපා කවුන්සලයේ සභාපති අන්තෝනියෝ කොස්ටා යන ඉහල පෙලේ නායකයන් හමුවී දෙරට අතර සබඳතා ගැන සාකච්ජා කිරීමටද අවස්ථාව ලැබුනේය. අගමැතිනිය පැරීසියේ බෞද්ධ විහාරස්ථාන වලට ගොස් භික්ෂූන් වහන්සේලා හා පැරීසියේ ශ්‍රීලාංකික පිරිසද හමුවීමටද අමතක නොකළේය.

සුනිල් ආනන්ද පැරීසියේ සිට


 


RECOMMEND POSTS