සෙල්ලම් බඩුවක් ළඟ තියාගෙන ඉන්න සතා
බොහෝ විට පුංචි බබාලට තියෙනවා සුවිශේෂී එක සෙල්ලම් බඩුවක්. මේ සෙල්ලම් බඩුව නැතිව එයාලා කොහෙවත් යන්නේ නැහැ. නිදාගන්නේ නැහැ. සෙල්ලම් බඩුව එක්ක ලොකු බැඳීමක් එයාලට තියෙනවා. මේ විදියට පුංචි බබාලා වගේ, තමන්ට කැමති වස්තුවක්, සෙල්ලම් බඩුවක් විදියට ළඟ තියා ගන්නා සතෙක් ගැනයි මේ කියන්න හදන්නේ. මේ සතා ද අපි වගේම ක්ෂීරපායියෙකි. මේ සතා දියබල්ලාය.
ඉංග්‍රීසියෙන් ඔටර්ස් (Otter) යනුවෙන් හැඳින්වෙන දියබල්ලන් පුංචි බබාලා වගේ ළඟ තබාගෙන සිටින්නේ එයාලා වඩාත්ම ප්‍රිය කරන සුවිශේෂී පුංචි ගලක්ය. සමහරවිට දියබල්ලන්, එකම ගල අවුරුදු ගණනාවක් ළඟ තබා ගන්නා බව විද්‍යාඥයෝ පවසති. එපමණක් නොවෙයි, දියබල්ලන් නිදා ගන්නේ ද ඒ ගල සමඟ යැයි විද්‍යාඥයෝ පවසති.
ලුසිත ජයමාන්න
The Brain Maze ඇසුරිනි