ශ්වාසනාලයේ ඇණයක් හිරවෙලා



මාස 6ක කුඩා දරුවකුගේ ශ්වාසනාලයේ සෙන්ටිමීටර් 1.5ක යකඩ ඇණයක් හිරවීමේ පුවතක් වාර්තා වන බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කලේය. 

ඇණය උගුරේ හිරවීමෙන් අනතුරුව දෙමාපියන් විසින් දරුවාව ප්‍රතිකාර සදහා කිංග් කලීඩා රෝහලේ දැඩි සත්කාර ඒකකය වෙත ඇතුලත් කරන ලදී

දරුවා රෝහල වෙත රැගෙන යන අවස්ථාවේදි හුස්මගැනීම දැඩි අපහසුතාවයකට පත්ව සිටි බව වාර්තා වේ.  
වෛද්‍යවරු කණ්ඩායමක් එක්ව දරුවගේ ශ්වසනාලයේ හිරවී තිබු යකඩ ඇණය endoscopy ක්‍රමය භාවිතා කරමින් ඉවත් කර ඇත. 
දරුවා යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බව වාර්තා වේ. 


ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS